එජාප ප්‍රතිසන්ධානයේදී නව තනතුරු 26 ක්

එක්සත් ජාතික පක්ෂයේ නව ප්‍රතිසන්ධාන වැඩපිළිවෙලේදී නතුරු 26 ක් පමණ නිර්මාණය වන බව වාර්තාවනවා.
පසුගියදා පැවැති දේශපාලන මණ්ඩල රැස්වීමේදී පක්ෂ මහලේකම්වරයා පක්ෂ නායකයාගේ අභිමතය පරිදි තෝරා ගැනීමටත් තනතුරු කිහිපයක් ජන්ද විමසීමකිනුත් තෝරා ගැනීමට තීරණය කරනු ලැබුවා.
ඒ අනුව පක්ෂයේ නියෝජ්‍ය නායක/ උපනායක හා ජාතික සංවිධායක/ භාණ්ඩාගාරික ධුරය ඇතුළු සෙසු තනතුරු සඳහා ඡන්දයෙන් සුදුස්සන් තෝරා ගැනීමට නියමිතයි.
අප්‍රේල් 30 වනදාට පෙර මෙම නම් කිරීම් සිදුවන අතර මැයි දින රැළියේදී එම ධූරයන් ප්‍රකාශයට පත් කිරීමටයි සැලසුම් කර ඇත්තේ.