එජාප මන්ත්‍රීවරු 30 දෙනකුගෙන් තීරණාත්මක යෝජනාවක් ?

එක්සත් ජාතික පක්ෂයේ කඩිනම් ප්‍රතිසංස්කරණය සිදුවිය යුත්තේ පක්ෂයේ බහුතරයකගේ එකගතාවය මත බව එම පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායමක් අවධාරණය කර තිබෙනවා.
දේශපාලන ආරංචි මාර්ග සදහන් කළේ ඒ අනුව මන්ත්‍රීවරුන් 30 දෙනකුට ආසන්න පිරිසක් විසින් මේ සම්බන්ධ තම මතය පක්ෂයට අවධාරණය කර ඇති බවයි.
මේ වන විට පවත්නා තත්ත්වය තුල පක්ෂයේ නායකත්වය වටා සිටින ජන පදනමක් නොමැති කණ්ඩායමක් ඉවත් කළ යුතු බවට මෙහිදී අවධාරණය කරනු ලැබ ඇති බවයි සදහන් වන්නේ.
ඒ වෙනුවට ගම් මට්ටමේ ජනතාවගේ විශ්වාසය දිනාගත හැකි කණ්ඩායමක් පක්ෂයේ තනතුර සදහා පත් කර ගත යුතු බවද මෙහිදී යෝජනා කර ඇති බව සදහන්.
එසේ නොවන්නේ නම් මෙවර පක්ෂයේ අනාගතය හා විශ්වාසභංගය පිළිබද තීරණාත්මක තත්ත්වයක් හටගනු ඇති බවද එම මන්ත්‍රීවරුන් අවධාරණය කර තිබෙනවා.


Lankaanews දවසේ වීඩියෝව 2018.05.20