එජාප – මුස්ලිම් කොන්ග්‍රස් දීගය අහවර වෙයිද ?

එක්සත් ජාතික පක්ෂය සමග තවදුරටත් ඉදිරියට කටයුතු කරගෙන යාම අසීරු කරුණක් බව ශ්‍රී ලංකා මුස්ලිම් කොන්ග්‍රස් නායක නායක රවුෆ් හකීම් මහතා පවසනවා.
සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ දී එම පක්ෂ නායකයන් සමග ඉකුත් සති කිහිපයේ සාකච්ඡා කළ විෂයයන් සහ ඉන්පසු සිදුවන දේවල් සම්බන්ධයෙන් අවධානය යොමු කරන විට එක්සත් ජාතික පක්ෂය සමග තවදුරටත් කටයුතු කිරීම අපහසු බවයි අමාත්‍යවරයා කියා සිටියේ.
මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂ ‍ලේකම්වරයාට අමතරව සන්ධනාගත වී තරග කරන අනෙක් සුහද පක්ෂ සඳහාද ‍ලේකම්වරයෙක් සිරිකොතහි පත් කළ යුතු බවට එජාප නායක අගමැති රනිල් වික්‍රරමසිංහ මහතා වෙත දැනුම් දුන් බවත් එය ඉටු නොවන්නේ නම් තවදුරටත් ඉදිරියට යාම අපහසු බවතක් රාවුෆ් හකීම් මහතා වැඩිදුරටත් කියා සිටියා.