එජාප – ශ්‍රීලනිප නව ගිවිසුම අත්සන් තැබීම කඩිනමින්

රජයේ ඉදිරි ගමන සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා එක්සත් ජාතික පක්ෂය අතර අවබෝධතා ගිවිසුමක් අත්සන් තැබීමට තීරණය කර තිබෙනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම්, ඇමැති දුමින්ද දිසානායක මහතා ප්‍රකාශ කළේය. ඉදිරි මාස 18 තුළ පක්ෂ දෙක එකතුව රජය පවත්වාගෙන යාම සඳහා පොදු වැඩසටහනක් අනුව කටයුතු කිරීමට මේ වන විට එකගතාවයක් ඇති කරගෙන ඇති බවයි.

ලබන 8 වනදා ආරම්භ වන නව පාර්ලිමේන්තු සැසිවාරයේදී මෙම වැඩසටහන ඉදිරිපත් කිරීමට නියමිතයි.

පක්ෂ දෙකේ අනුමැතිය අනුව මීට අදාළ ගිවිසුම අත්සන් තැබීමටත් ඉන් අනතුරුව නව කැබිනට් මණ්ඩලය පත් කිරීමටත් යෝජනා කර තිබෙනවා.