එම් එච් 370 අවසන් වාර්තාව එයි / පරීක්ෂකයෝ විමතියෙන්

මැලේසියාවට අයත්වූ එම් එච් 370 යානය අතුරුදන්වීම සම්බන්ධයෙන් සිදුකළ පරීක්ෂණයේ අවසන් වාර්තාව ප්‍රකාශයට පත් කර තිඛෙනවා.
ඒ අදාල පරීක්ෂණ මෙහෙයවූ ඔස්ටේ්‍රලියානු පර්යේෂකයින් විසින්.
ඒ අනුව ගුවන් යානය මගීන් හා කාර්ය මණ්ඩාලයේ 239 දෙනකු සමග අතුරුදන්ව දින 1046 කට පසුවයි වාර්තාව එළිදැක්වුණේ.
එමගින් ප්‍රකාශ කර ඇත්තේ එම් එච් 370 යානය හෝ එහි සුන්බුන් හමු නොවීම අතිශය අසාමාන්‍ය බවයි.එය නූතන දියුණු ලෝකයේ සිදුවිය නොහැක්කක් ලෙසටද මෙයින් කරුණු දක්වා තිඛෙනවා.
දිනකට පුද්ගලයින් කෝටියක් පමණ ලෝකයේ ගුවන් ගමන්වල නිරතවන බැවින් මෙම යානයේ අබිරහස ලෝකයට යම් සැකයක් ඉතිරි කරන සිද්ධියක් ලෙසටයි වාර්තාවේ කරුණු දැක්වෙන්නේ.


Lankaanews දවසේ වීඩියෝව 2018.05.21