You are here
Home > විදෙස්ගත ලාංකිකයින්ට > එමීර් රාජ්‍යයේ විගමනික ශ්‍රමිකයින්ට විද්‍යුත් හැදුනුම්පතක්

එමීර් රාජ්‍යයේ විගමනික ශ්‍රමිකයින්ට විද්‍යුත් හැදුනුම්පතක්

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සමාගම්වල සේවය කරන සේවකයින්ට එකවර හැඳුණුම්පත් ලබාදීම සඳහා නව ඉලෙක්ට්‍රොනික් පද්ධතියක් හඳුන්වා දීමට කටයුතු කරන බව එරට අනන්‍යතාවය සහ පුරවැසිභාවය පිළිබඳවූ ෆෙඩරල් අධිකාරිය නිවේදනය කර තිඛෙනවා.

රජයේ සේවාවන් 80%ක් ඩිජිටල්කරණය කිරීමේ එක් පියරක් ලෙස මෙම නව ක්‍රියාමාර්ගය දියත්කර තිබෙන අතර දැනට ලබා දී තිබෙන හැඳුනුම්පත් නැවත් අළුත් කිරීමක් හෝ අලුතින් ලබා ගැනීමට සමාගම්වලට සිදුවෙන බවත් ෆෙඩරල් අධිකාරිය සිහිපත්කර දෙයි.

එමෙන්ම නව පද්ධතිය හඳුන්වාදීමෙන් පසු සියලුම හැඳුනුම්පත් සමාගම්වලටම ලබාදීමට කටයුතු කරන අතරම පහසුවෙන්ම හැඳුනුම්පත් ලබා ගැනීමට අවස්ථාව සැලසෙන බැවින් කාලයද ඉතිරිකර ගැනීමට හැකියාව ලැබෙයි.

එය සමාගම් පැත්තෙන් ගත්කළ වාසි සැලසෙන ක්‍රමවේදයක් බව අධිකාරිය වැඩිදුරටත් එම නිවේදනයේ දක්වා තිඛෙනවා.


අප වෙබ් අඩවියේ පලවන මෙම ප්‍රවෘත්තිය සදහා ප්‍රතිචාර දැක්වීමේ අයිතිය ඔබ සතුය. ඔබේ ප්‍රතිචාරය lankaanews@gmail.com ඊ මේල් ලිපිනය වෙත යොමුකරන්න.
Lankaanews
Top