You are here
Home > උණුසුම් පුවත් > එල්ලා මරණ කුඩු ලොක්කන්ගේ ලයිස්තුව අද ජනපතිට

එල්ලා මරණ කුඩු ලොක්කන්ගේ ලයිස්තුව අද ජනපතිට

මත්කුඩු ජාවාරමට සම්බන්ධවීම හේතුවෙන් මරණ දඩුවම නියමවී සිටින පුද්ගලයින් අතරින් තවදුරටත් එම ජාවාරම මෙහෙයවන පුද්ගලයින්ගේ නම් ලයිස්තුව අද ජනාධිපතිවරයා වෙත භාරදීමට නියමිතව තිඛෙනවා.
ඒ අධිකරණ අමාත්‍යාංශය විසින්.
ඒ අනුව මෙම මහා පරිමාණ මත්කුඩු ජාවාරම්කරුවන්ට අධිකරණය විසින් නියම කර ඇති මරණ දඩුවම සක්‍රීය කිරීම සදහා ජනාධිපතිවරයා විසින් අත්සන් තැබීමට නියමිතව තිඛෙනවා.
ජනාධිපතිවරයා විසින් ඊට අත්සන් තැබීමෙන් පසු නියම කරන දිනයකදී එම පුද්ගලයින් ප්‍රාණය නිරුද්ධවන තුරු එල්ලා මැරීමට නියමිතයි.
මේ වන විට හසුවන මහා පරිමාණ මත්කුඩු තොග අතරින් බහුතරය මේ වන විට මරණ දඩුවම නියමව බන්ධනාගාරවල රදවා සිටින අපරාධකරුවන් විසින් මෙහෙයවා ඇති බව අනාවරණවී තිඛෙනවා.
එවන් අපරාධ වැලැක්වීමේ අරමුණින් කැබිනට් මණ්ඩලය විසින් මෙසේ මරණ දඩුවම යළි ක්‍රියාත්මක කිරීමට එකගතාවය පල කර තිබුණා.
කෙසේ වෙතත් 1976 වසරෙන් පසු මෙරට තුල කිසිදු අපරාධකරුවකුට මරණ දඩුවම ක්‍රියාත්මකවී නැහැ.


අප වෙබ් අඩවියේ පලවන මෙම ප්‍රවෘත්තිය සදහා ප්‍රතිචාර දැක්වීමේ අයිතිය ඔබ සතුය. ඔබේ ප්‍රතිචාරය lankaanews@gmail.com ඊ මේල් ලිපිනය වෙත යොමුකරන්න.
Lankaanews
Top