එල්ලුම් ගස ක්‍රියාත්මක කිරීමට කාදිනල් හිමියන්ගේ ප්‍රසාදය

දිගින් දිගටම අපරාධ සිදුකරන පුද්ගලයින්ට එරෙහිව මරණ දඩුවම ක්‍රියාත්මක කිරීමේ වරදක් නොදකින බව අති උතුම් කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණන් පවසනවා.ආණ්ඩුව විසින් මරණ දඩුවම ක්‍රියාත්මක කිරීමට ගෙන ඇති තීරණය  සම්බන්ධයෙන් ගෙන ඇති තීරණය පිළිබද අදහස් දක්වමින් එතුමන් මේ බව කියා සිටියා.

ජීවිතයක්‌ අපට දෙන්නත් බැහැ, ගන්නත් බැහැ. වරදට නියම වී බන්ධනාගාරගත වූ සමහරු එහි තුළ සිටම එම අපරාධ දාමරිකකම් මෙහෙයවනවා. සමාජයක්‌ හදාගන්න බැහැ. මත්කුඩු ජාවාරම් සිදුවෙනවා.

ඒ වගේම බන්ධනාගාරගත වී සිත්තැවුලෙන් හිත හදාගෙන සිටින පිරිසක්‌ ද සිටිනවා. ඔවුන් පිළිබඳව සාධාරණයක්‌ යොමු කළාට වරදක්‌ මම දකින්නේ නැහැ. මේ අනුව දරුණු වැරදිකරුවන් තවදුරටත් බන්ධනාගාරය තුළ සිටම එම ක්‍රියාවේ නිරත වෙමින් අපරාධ, චණ්‌ඩිකම්, ජාවාරම් මෙහෙයවනවා නම් එල්ලුම්ගස ක්‍රියාත්මක කිරීමේ වරදක්‌ දකින්නේ නැහැ.