එස් බී හා දයාසිරි ඒකාබද්ධයට නෑ / ශ්‍රීලනිපයෙන් තනතුරු දෙකක් ?

නිදහස් පක්ෂයේ සිට ඒකාබද්ධ විපක්ෂයට සම්බන්ධ වූ 16 කණ්ඩායමේ සාමාජිකයින් වන එස් බී දිසානායක මහතා හා දයාසිරි ජයසේකර මහතා තමන් හා සම්බන්ධවී නොමැති බව ඒකාබද්ධ විපක්ෂය හෙළිකරනවා.
එම සංවිධානයේ ජාතික සංවිධායක රංජිත් ද සොයිසා මහතා ගෙන් කළ විමසීමකදී ඔහු සදහන් කළේ අනෙක් 14 දෙනා ඒකාබද්ධ විපක්ෂයට සම්බන්ධව සිටින බවයි.
පසුගියදා පැවැති නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාවේදී පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතාට පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක ධුරයක් ද පිරිනැමුණා.
මේ අතර නිදහස් පක්ෂයේ ආරංචි මාර්ග අනාවරණ කරන්නේ දයාසිරි ජයසේකර මහතාට නිදහස් පක්ෂ මහලේකම් ධුරය ලබාදීමේදී සූදානමක්ද පවතින බවයි.
එස් බී දිසානායක මහතා නිදහස් සන්ධානයේ මහලේකම් ධූරයට පත් කිරීමට නියමිත බවද එම ආරංචි මාර්ග අනාවරණ කරනවා.