ඒකබද්ධයෙන් ජනපතිට රහස් පණිවිඩ / ජන්දයේදී එක්වන ලකුණු

නෙළුම් පොහොට්ටුව ලකුණ යටතේ රට පුරා ප‍්‍රචාරක කටයුතු කරන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා වෙත විශේෂ පණිවිඩ යොමුවෙමින් පවතින බව අනාවරණ වනවා.

මහින්දානන්ද අලූත්ගමගේ සහ පවිත‍්‍රා වන්නිආරච්චි යන මන්ත‍්‍රී-මන්තී‍්‍රනියන් හරහා ලැඛෙන මෙම පණිවිඩ තුලින් ප්‍රකාශ වී ඇත්තේ පළාත් පාලන මැතිවරණයේදී ඒකාබද්ධවී තරග කිරීමට තමන් සූදානම්බවයි.
හිටපු ජනාධිපතිවරයාද ඊට සහාය දක්වන බව මෙහිදී හෙලිව තිඛෙනවා.මේ අතර ආරංචි මාර්ග වැඩිදුරටත් අනාවරණය කරන පරිදි හිටපු ජනාධිපතිවරයාගේ ස්ථාවරය වී ඇත්තේ පොදුජන පෙරමුණ බලපෑම් කණ්ඩායමක් ලෙස පමණක් කටයුතු කළ යුතු බවයි. එසේ නොකොට ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයට එරෙහිව මැතිවරණවලට ඉදිරිපත් වීම කිසිසේත්ම නොකළ යුතු බවත්, එමඟින් පක්ෂය දෙකඩ වීම වැළැක්විය නොහැකි බවත් හිටපු ජනාධිපතිවරයා විසින් අවධාරණය කර ඇති බවද අනාවරණ වනවා.

එසේම වෙනම ප‍්‍රචාරක කටයුතු කොට, පසුව එක්වීමේ උපක‍්‍රමයක් සම්බන්ධයෙන් ද යෝජනා වී ඇති අතර, ඒ සම්බන්ධයෙන් ද හිටපු ජනාධිපතිවරයා අකමැත්ත පළ කර ඇති බවයි දැක්වෙන්නේ.

ශී‍්‍රලනිප පාක්ෂිකයන් තුළ ඒ හරහා වැරදි අදහසක් ඇති වනු ඇති බවත්, එය පක්ෂයේ අනාගතයට යහපත් නොවනු ඇති බවත් හිටපු ජනාධිපතිවරයා අදාළ යෝජනාවට පිළිතුරු ලෙස පවසා ඇති බවද සදහන්.

මේ අතර හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ විසින් අවධාරණය කර ඇත්තේ මැතිවරණයක දී වෙනත් පක්ෂයක් දිනවීමට වේදිකාවට නැගීම හේතුවෙන් මන්ත‍්‍රී ධුරය පවා අහිමි කිරීමට හැකි බවයි. ඒ සම්බන්ධයෙන් ද අවධානය යොමු කරමින් ඉදිරි මැතිවරණයට අදාළ තීරණ ගැනීමේ වැදගත්කම හිටපු ජනාධිපතිවරයා විසින් අවධාරණය කොට තිඛෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *