ඒකාබද්ධයේ අර්බුධයක් / ගම්මන්පිල හා විමල්ට කැපිල්ලක්

ඒකාබද්ධ විපක්ෂයේ කටයුතුවලින් විමල් වීරවංශ මහතාගේ ජාතික නිදහස් පෙරමුණ හා උදය ගම්මන්පිල මහතාගේ පිවිතුරු හෙළ උරුමයේ නියෝජිතයන් ඉවත් කිරීමට සැලසුමක් ක්‍රියාත්මක වන බව දේශපාලන ආරංචි අනාවරණ කරනවා. ඒකාබද්ධ විපක්ෂයේ මාධ්‍ය කටයුතු සදහා ක්‍රියාත්මක වන සාකච්ජාවකට මෙම පක්ෂ දෙකේ නියෝජිතයින් සහභාගී වූ අවස්ථාවේදී ඔවුන් එම ස්ථානයට ඇතුලත් කර නොගෙන යළි පිටත් කර හැරීමටයි පියවර ගෙන ඇත්තේ.
මේ අතර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් එම පක්ෂ දෙක දරන ස්ථාවරය සම්බන්ධයෙන් ගැටුම්කාරී තත්ත්වයක් ඇතිව තිබෙන බවද දේශපාලන ආරංචිමාර්ග අනාවරණ කළා.
මේ වන විටත් ජාතික නිදහස් පෙරමුණේ මන්ත්‍රීවරු ව්‍යවස්ථා සම්පාදන කමිටුවෙන් ඉවත්ව සිටියද ඒකාබද්ධ විපක්ෂය එහි තවදුරටත් කටයුතු කරනු ලබනවා.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සහ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අතර යළි සමගියක් ඇති කිරීමට දේශපාලන මෙහෙයුමක් ක්‍රියාත්මක අතර එම සාකච්ඡා ආරම්භ වී තිබීම මෙම අර්බුධයට හේතුවක් බවයි ප්‍රකාශ වන්නේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *