ඒකාබද්ධ විපක්ෂයේ පිරිසක් ශ්‍රීලනිපයට එක්වීමේ සූදානමක්

නියෝජ්‍ය කථානායක ධුරය සඳහා පැවැති ඡන්දයේදී ඇති වූ බෙදීමත් සමග ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රී කණ්ඩායමක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දහසයේ කණ්ඩායම සමග එක්වීමට නියමිතව ඇතැයි දේශපාලන ආරංචිමාර්ග අනාවරණය කරයි.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ තීරණයට පිටුපායමින් ප්‍රසන්න රණතුංග මන්ත්‍රීවරයා ඇතුළු කණ්ඩායමක් නියෝජ්‍ය කථානායක තේරීම සඳහා වන ඡන්දයේදී ඇති වූ බෙදීම නිසා මෙසේ කණ්ඩායමක් දහසයේ කණ්ඩායම සමග එක්වීමට නියමිත බවද ආරංචි මාර්ග පවසයි.
මෙම මන්ත්‍රී කණ්ඩායම යළිත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට එක්වී ඉදිරි මැතිවරණවලදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට සහාය දීම සඳහා වන මූලික එකඟතාවය පළ කර තිබෙන බවද දේශපාලන ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරයි.

සංජය නල්ලපෙරුම


අප වෙබ් අඩවියේ පලවන මෙම ප්‍රවෘත්තිය සදහා ප්‍රතිචාර දැක්වීමේ අයිතිය ඔබ සතුය. ඔබේ ප්‍රතිචාරය lankaanews@gmail.com ඊ මේල් ලිපිනය වෙත යොමුකරන්න.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *