ඒ බී ඩිවිලියස් ක්‍රිකට් පිටියට සමුදෙයි

දකුණු අප්‍රිකානු සුපිරි ක්‍රිකට් ක්‍රීඩක ඒ බී ඩිවිලියරස් ක්‍රිකට් පිටියට සමුදීමට තීරණය කර තිබෙනවා.
අන්තර්ජාලය වෙත වීඩියෝවක් එක්කරමින් සුපිරි පිතිකරුවා සදහන් කළේ තමන් මේ වන විට යම් වෙහෙසකට පත්ව සිටින බවයි.
මෑතකාලීනව දකුණු අප්‍රිකාව ලබාගත් ජයග්‍රහණ පිළිබද සතුටුවන බවද ඩිවිලියර්ස් සදහන් කරනවා.
තමන්ගේ සමුගැනීමේ තීරණය පහසු එකක් නොවූ බවයි සුපිරි පිතිකරුවා සදහන් කරන්නේ.