ඔස්ට්‍රේලියානු නායකයාගෙන් විස්සයි20 ලෝක වාර්තාවක්

සිම්බාබ්වේ පිලට එරෙහිව ලකුණු 172ක් රැස් කළ ඔස්ට්‍රේලියානු පිලේ නායක ආරොන් ෆින්ච් විස්සයි20 ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ පිතිකරුවකු වාර්තා කළ වැඩිම ලකුණු සංඛ්‍යාවට හිමිකම් කීමට ඊයේ සමත්වුණා.
ඔහු මේ වාර්තාව තැබුවේ සත්කාරක සිම්බාබ්වේ, පාකිස්තානය සහ ඔස්ට්‍රේලියාවේ සහභාගීත්වයෙන් පැවැත්වෙන තුන්කොන් විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ ඊයේ හරාරේ නුවර පැවැති තරගයේදීයි..

පළමුව පන්දුවට පහරදුන් ඔස්ට්‍රේලියානු ඉනිම ඇරැඹූ ෆින්ච් පන්දු 76කදී හතරේ පහර 16ක් සහ හයේ පහර 10ක් සමග ලකුණු 172ක් රැස් කරමින් ඩි ආර්සි ෂෝට් සමග එක්ව පළමු කඩුල්ලට ලකුණු 223ක සම්බන්ධතාවක් ගොඩනැගීමට ද සමත්වුණා. එයද සැලකෙන්නේ විස්සයි විස්ස තරගයක හොදම ලකුණු සබදතාවයේ ලෝක වාර්තාවක් ලෙසයි.නියමිත ඕවර 20 අවසානයේ දී ඔස්ට්‍රේලියානු පිල කඩුලු 2ක් දැවී ලකුණු 229ක් රැස් කිරීමට සමත්වුණා.

ආරොන් ෆින්ච් බිඳ දමනු ලැබුවේ ඔහු විසින්ම වසර 2013දී එංගලන්තයට එරෙහිව ලකුණු 156 ලෝක වාර්තාවයි..මේ තරගයෙන් ඔස්ට්‍රේලියාවට ලකුණු 100ක ජයක් හිමිවුණා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *