You are here
Home > ආසන්න-පුවත් > ඕමානයේ සිට ලංකාවට ලිපි / පාර්සල් එවීම නවතී

ඕමානයේ සිට ලංකාවට ලිපි / පාර්සල් එවීම නවතී

ඕමානයේ තැපල් සේවාව වන ඕමාන් පෝස්ට් විසින් ශ්‍රී ලංකාවට ලිපි හා පාර්සල් යොමු කිරීම වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවා තිබෙනවා.
ඒ මෙරට ක්‍රියාත්මක තැපල් වර්ජනය හේතුවෙන්.
ඒ අනුව මෙරටට යොමුවන ජාත්‍යන්තර තැපල් සේවා ලිපි තැපල් දෙපාර්තමේන්තුව විසින් මේ වන විට භාර ගැනීමෙන් වලකින බවට ලද තොරතුරු මතයි ඕමානය මෙම පියවර ගෙන ඇත්තේ.
ඒ අනුව එරට වෙසෙන ලාංකිකයින් මෙරටට යොමුකරන ලිපි සදහා මෙහිදී ගැටලුකාරී තත්ත්වයක් මතුව තිබෙනවා.

Top