කටාර් ගුවන් තොටුපලේ ගමන් මලු අදින ශ්‍රී ලංකා තානාපති

ශ්‍රී ලංකාවේ, කටාර්හී තානාපතිවරයා ලෙස කටයුතු කරන ව්‍යාපාරික ඒ එස් පී ලියනගේ මහතාගේ නව වැඩසටහනක් පිළිබද ජායාරූප පෙළක් අනාවරණවී තිබෙනවා.
ඒ ගුවන් තොටුපලේ ගමන් මලු රැගෙනයාමට දායකවීමයි.
පසුගියදා සී එච් රග්බි කණ්ඩායම කටාර් හී සංචාරයක නිරතවූ අවස්ථාවේ දේශපාලන ප්‍රභලයකුගේ පුතුන්ගේ ගමන් මලු තානාපතිවරයා විසින් රැගෙන යන ආකාරයයි මෙම ජායාරූප තුල දැක්වෙන්නේ.
හිතවත්කම වෙනුවෙන් ඕනෑම අයකුට එවැන්නක් කළ හැකි වුවද රටක් නියෝජනය කරන තානාපතිවරයකු රාජ්‍යත්‍රාන්ත්‍රික භාවයක් නොදරන පිරිසකගේ ගමන් මලු ඇදගෙන යන මට්ටමට පත්වන්නේ නම් මෙරට විදේශ සේවය පත්ව ඇති ශෝචනීය ස්වාභාවය පැහැදිලි වනවා.
මේ එවන් පත් කිරීම් සිදුකරන පුද්ගලයින්ගේ ඇස් ඇරවීම පිණිසයි.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *