You are here
Home > ආසන්න-පුවත් > කඩා වැටුනු උල්කාපාතයේ කොටසක් දික්වැල්ලෙන් හමුවෙයි

කඩා වැටුනු උල්කාපාතයේ කොටසක් දික්වැල්ලෙන් හමුවෙයි

ගාල්ල ඒ ඒ ආශ්‍රිත ප්‍රදේශවලට ඉහල අහසේ පුපුරා ගිය විඋල්කාෂ්මයේ කොටසක් දික්වැල්ල ප්‍රදේශයෙන් හමුවී තිඛෙනවා.
වලස්ගල ප්‍රදේශයේ නිවසක වහලය මත තිබියදීයි මෙම ආගන්තුක පාෂාණය හදුනාගෙන ඇත්තේ.
ආතර් සි ක්ලාක් මධ්‍යස්ථානයේ පර්යේෂකයින් මේ වන විටත් ඒ සම්බන්ධ නිරීක්ෂණ ආරම්භ කර තිඛෙනවා.
පසුගිය 18 වනදා රාත්‍රියේ මෙම උල්කාපාතය කොලඹ සිට දකුණු පළාත දක්වා කලාපයේ මුහුදු තීරයෙන් දිස්වී තිබුණා.
පසුව ගාල්ල හා ඒ ආසන්න ප්‍රදේශවලදී අධික ශබ්දයක් සමග එය පුපුරා ගිය බවටයි වාර්තා පල වුණේ.
ඉතා තද එම පාෂාණ කැබැල්ල අඟල් දෙකක් පමණ පළල වනවා.
18 වනදා රාත්‍රියේ පිපිරීමත් සමග තම නිවසේ වහළයට වැලි වැනි යමක් වැටුනු බවත් ඒ පිළිබද කල සොයා බැලීමේදී මෙම පාෂාණය හමුවූ බවත් නිවසේ හිමිකරු සදහන් කර තිඛෙනවා.

Top