කණු ගැලවීම හා චෙක් මාරු කිරීම

මම ගත්තේ 10යි නේ… ගත්තට මම උගේ වැඩ කරේ නෑනේ..මගේ වැඩ කරගත්තා මිසක්…. සිරියා වතුර බාල්දියක් හිසට වත් කර ගන්නා ගමන්… කුටු කුටු ගාමින් සිටියේය…
තව 118ක් ඉන්නේ මං විතරක් ගත්ත වගේ මුන් කතා කරන්නේ….
මොනවද මල්ලි තනියෙන් කතා කරන්නේ… නෑම ආරම්භ කර සිටින සිරියාගෙන් සරා ඇසුවේය…
බලන්න අයියා… මම 10ක් ගත්තලු … අපි ගත්තොත් තමයි නරක…. අනික මම චෙක් එක මාරු කළේ නෑනේ…සිකියුරිටිනේ මාරු කළේ….
ඔන්න මල්ලි දවසක් මිනිහා ඇවිල්ලා කුටු කුටු ගගා ඉදලා මටත් එකක් දීලා ගියා…
මම ඉතිං නිකන් දුන්න හින්දා ගත්තා…. ඒක කාටද දුන්නා වියදමට තියා ගන්න…. තෑග්ගෙන් තෑග්ග උතුම් තෑග්ගනේ…. සරා ද හොදහැටි නාගනිමින් පැවසුවේ සද්භාවයෙනි….
මට හිතුනාත් අම්මපා ගිහින් දෙනවා සල්ලි ඕනනම් අයෙත් ඒකගෙ අතටම… දැනට මට එහෙම දෙන්න හිතෙන්නෙ නැහැ..ඒකයි අවුල…
කවුද බන් අර බිත්ති අස්සෙන් හැංගි හැංගි එන එකා…සුදු ඇදුමෙ බලපන්කෝ ඉඩ පාට
අඩේ සුජියා නේද ?
සුදු ඇදුමෙ ඇයි මඩ ගෑවුණේ…දැන් නම් ඉතින් ගමකට බණියි..අම්මෝ…
සුජි මල්ලි අයි හැංගිලා…. එන්නේ…
කොහොමද අයියේ..මෙහෙම එන්නේ……ඉතින් අයියලා හොදට නාලා නේද ?…
අවුලක් නෑ දැන් මල්ලිත් නානවනේ….
දැන් උඹටත් ක් හම්බුවෙලා කියලා කියන්නේ…
මට ..මේ මම දන්නෙත් නෑ.. මගේ වැඩ කරන්න හිටියනේ අර අහල පහල සෙට් එකක් ..එයාලට දීලා තියෙන්නේ අයියලා…
ඉතින් ඔයාගෙ සිකියුරිටිනේ මාරු කරලා තියෙන්නේ චෙක් එක….
ඒක තමයි මාත් කල්පනා කළේ…බලන්නකෝ මම දන්නෙත් නෑ…. අයියලට මතකද අර ගංවතුර වෙලාවෙ කෙසෙල් බෙදලා තියෙන්නේ ඔය සල්ලිවලින්….
බලපන් ඉතින් හොද දෙයක් කරන්න රටේ සල්ලි නාස්ති නොකර ආධාර ගත්ත අපිට වුණ දෙයක්….

මම දැක්කා ඊයේ මාර නිවුස් එකක්…
මොකද්ද ඒ…
අර ජපානෙ ඇමති කෙනෙක් යෙන් 10000 ක් වංචා කරලා…ඌ හොටු පෙරාගෙන අඩනවා..සමාව ඉල්ලනවා…
පව් බන් …ඌ ඉපදෙන්න තිබ්බේ අපේ රෙට්…
එහෙනම් අපි වගේ ඇගට නොදැනි ඉන්නවනේ….

ඒකනෙ කියන්නෙ මේක පින් බිමක්..ඕන දෙයක් මතක සතියයි..ඊට පස්සේ අමතකයි… සරා ..සුජී හා සිරියා එකිනෙකා වැළදගෙන සිනාසුණෝය….

මොකද්ද බන් අර ලිදේ තාප්පෙ ගහල තියෙන දැන්වීම….

මාධ්‍ය දුටු විට ඔබේ බඩ දගලනවාද ?
කකුල් අප්‍රාණික වෙනවාද?….
කණු ගලවන්නට සිතෙනවාද ?
තහනම් කරන්නට හිතෙනවාද?…
ඔබට වැළදී ඇත්තේ යමක් සැගවීමේ අවශ්‍යතාවයයි…
ඇතැම් විට බලකාමයයි….
එසේ නම් බිය නොවන්න..
ඔබේ රෝගය නිට්ටාවට සුව කිරීමට ප්‍රතිකාර අප සතුය…
මෙම රෝගය වැළදුණු බොහෝ දෙනා නිට්ටාවට සුව කර ගෙදර යවා ඇත.
සූදානමින් සිටින්න…
ඊළග ජන්දය පාර, මහජනතාව

හුටා මේක නම් ලියලා තියෙන්නේ අපේ… ලොක්..
නෑ එක්කෝ ඕනෙ නෑ…
සිරියා සිරියාවන්ත සිනාවක් හෙලා වදන් ගිලගත්තේය…

Leave a Reply

Your email address will not be published. Required fields are marked *