කතගරමට දුම්රියෙන් යන්න මේ වසරේ සිට අවස්ථාව

මාතර සිට කතරගම දක්වා දුම්රිය මාර්ගයේ මාතර සිට බෙලි අත්ත දක්වා වූ දුම්රිය මාර්ගය මේ වසරේදී මේ වසරේදී විවෘත කිරීමට නියමිතව තිබෙනවා.ඩොලර් බිලියන 248ක වියදමකින් ඉදි කළ මේ මාර්ගයේ දුම්රිය පැයට කිලෝමීටර් 120ක වේගයෙන් ධාවනය කළ හැකි වීම විශේෂත්වයක්.

මේ සඳහා චීන රජය ණය ආධාර ලබා දුන් අතර මේ මාර්ගයේ ඉඳිවෙමින් පවතින සියලුම දුම්රිය ස්ථාන අන්තර්ජාතික මට්ටමේ දුම්රිය ස්ථාන වනවා. සුපිරි දුම්රිය ස්ථානවලට අමතරව සුපිරි සහසුකම් සහිතව මේ දුම්රිය සේවාව ස්ථාපිත කෙරෙන අතර බෙලි අත්ත දක්වා වූ දුම්රිය මඟේ මෙරට දිගම දුම්රිය පාලම, ගුවන් පාලමක් ලෙසින්කිලෝමීටර් 1.5ක් දක්වා වු දුරකට ඉඳි කර තිබෙනවා.

එසේම මෙරට දිගම උමං දුම්රිය මාර්ගයද මේ මාර්ගයේද ස්ථාපිත කර ඇති අතර එහි දිග මීටර් 625ක්.

බෙලිඅත්ත දක්වා වූ කි‍ලෝමීටර් 26ක දුර ප්‍රමාණය සඳහා ප්‍රධාන දුම්රිය ස්ථාන 4ක් සහ උප දුම්රිය ස්ථාන 2ක් ස්ථාපිත කර ඇති අතර කැකණසුර, බඔරැන්ද, වැවුරුකන්නල හා බෙලි අත්ත දුම්රිය ස්ථාන ලෙසින් හා පිලදූව සම වෙහෙරහේන උප දුම්රිය ස්ථාන ලෙසින් ඉඳි කර තිබෙනවා.

එසේම මෙරට ප්‍රථම වරට දුම්රිය ස්ථානයට භූගත ලෙසින් ගමන් කිරීමට හැකි මාර්ගයක්ද මේ මාර්ගයේ ස්ථාපිත කෙරෙමින් පවතින අතර තව මාස කිහිපයකින් මේ දුම්රිය මඟ විවෘත කිරීමට සියලු කටයුතු යොදා ඇති බවයි ව්‍යාපෘතියේ අධ්‍යක්ෂකවරයා සදහන් කළේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *