කතානායකවරයාගෙන් ආන්දෝලනාත්මක නිවේදනයක්

කතානායක කරු ජයසූරිය මහතා විසින් පාර්ලිමේන්තුවේ බහුතර බලය පිළිබද විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
ඒ අනුව ජනාධිපතිවරයා විසින් ගත් පියවර ව්‍යවස්ථා විරෝධී බව පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් 116 දෙනකු විසින් අත්සන් තබා තමන් වෙත ඉල්ලීම් ඉදිරිපත් කර ඇති බවද කතානායකවරයා නිකුත් කළ නිවේදනයේ දැක්වෙනවා.
ඒ අනුව නව පාර්ශවයට හිමි බහුතරය පෙන්වීමට හැකිවන තුරු පෙර පැවැති තත්ත්වය පිළිගැනීමට තමන්ට සිදුවන බවයි කතානායක කරු ජයසූරිය මහතා අවධාරණය කරන්නේ.
ජනාධිපතිවරයා ලබාදුන් පොරොන්දුව අනුව 7 වනදා පාර්ලිමේන්තුව නොකැදවන්නේ නම් එදින පාර්ලිමේන්තුව කැදවා රට ස්ථාවර කිරීම තම යුතුකම බවද මෙමගින් අවධාරණය කර තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *