You are here
Home > ආසන්න-පුවත් > කථානායක කරුගෙන් සී අයි ඩී යට ප්‍රකාශයක්

කථානායක කරුගෙන් සී අයි ඩී යට ප්‍රකාශයක්

කථානායක කරු ජයසූරිය මහතාගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විශේෂ ප්‍රකාශයක් සටහන් කරගෙන තිබෙනවා.
ඒ මාධ්‍යවේදී කීත් නොයාර් මහතාගේ පැහැර ගැනීමේ සිද්ධියට අදාළ විමර්ෂණ වෙනුවෙනුයි.
කීත් නොයාර් මහතා පැහැරගැනීමට ලක්වූ සමයේ කරු ජයසූරිය මහතා මහින්ද රාජපක්ෂ රජයේ ප්‍රබල අමාත්‍ය ධූරයක් දරමින් සිටියා.
එම පැහැර ගැනීම සිදුවූ බව ආරංචිවීමෙන් පසු තමන් මහින්ද රාජපක්ෂ මහතා අමතා කීත් නොයාර් මහතා මුදා හැරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ඉල්ලා සිටි බවයි කරු ජයසූරිය මහතා මීට පෙර සදහන් කර තිබුණේ.
ඒ අනුව කීත් නොයාර් මහතා මුදා හැර තිබූ බවත් තමන්ගේ ඉල්ලීම හේතුවෙන් ඔහුගේ ජීවිතය ආරක්ෂා වූ බවත් කරු ජයසූරිය මහතා වැඩිදුරටත් හෙළිකර තිබුණා.

Top