You are here
Home > විදෙස් > කරුණානාධිගේ අවමගුල් පෙරහර මරීනා වෙරළට

කරුණානාධිගේ අවමගුල් පෙරහර මරීනා වෙරළට

තමිල්නාඩු ප්‍රාන්තයේ මහ ඇමතිවරයා ලෙස පස්වරක් කටයුතු කළ අභාවප්‍රාප්ත ඩී එම් කේ පක්ෂ නායක මුතුවේල් කරුණානාධි මහතාගේ දේහය පිළිබද අවසන් කටයුතු මේ වන විට සිදු කෙරෙමින් පවතිනවා.
ඉන්දී්‍ය මාධ්‍ය වාර්තා සදහන් කළේ කරුණානාධි මහතාගේ දේහය මේ වන විට මරීනා බීච් වෙරළ කලාපය වෙත ගෙනඑමින් පවතින බවයි.
එම අවමගුල් පෙරහරට දහස් සංඛ්‍යත පිරිසක් එක්ව සිටිනවා.
කරුණානාධි මහතාගේ සිරුර භූමදානය කරනු ලබන්නේ ඔහුගේ සොහොයුරා භූමදානය කළ ස්ථානයට යාබදව බවයි පැවසෙන්නේ.
මේ සදහා ස්ථානයක් වෙන් කර ගැනීමේ ගැටලුවක් හේතුවෙන්ද තමිල්නාඩුවේ ආරක්ෂාව තර කිරීමටයි පියවර ගෙන තිබුණේ.

Top