කරුණානාධි දිවි ගමනට සමුදෙයි

ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්ත මහ ඇමතිවරයා ලෙස අවස්ථා කිහිපයකදී කටයුතු කළ ඩී එම් කේ පක්ෂ නායක මුතුවේල් කරුණානිධි මහතා මරණයට පත්ව තිඛෙනවා.
ඒ රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටින අතරතුරයි.
ඒ වන විට ඔහු 94 වන වියේ පසුවුණා.
1924 වසරේදී උපත ලද ඔහු තරුණවියේදී සිනමාවට සම්බන්ධවූ අතර සිනමාපට රැසක තිර රචනය ඔහු විසින් සිදුකර තිඛෙනවා.
1957 වසරේදී පලමුවරට තමිල්නාඩු ප්‍රාන්ත සභාවට තේරී පත්වූ කරුණානාධි මහතා 1969 වසරේදීයි මුල්වරට ප්‍රාන්ත මහ ඇමතිවරයා බවට පත්වුණේ.
එතැන් සිට පස්වරක් ඔහු තමිල්නාඩුවේ මහ ඇමතිවරයා ලෙස කටයුතු කර තිඛෙනවා.