කලකට පසු දකුණු අප්‍රිකාව පරදා ලංකාවට විශිෂ්ට ජයක්

තියුණු තරගයකින් පසු දකුණු අප්‍රිකාවට එරෙහි 4වන ටෙස්ට් තරගය ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්වුණා.
ඒ ලකුණු 3කින් දකුණු අප්‍රිකාව පරාජය කරමින්.
වර්ෂාව හේතුවෙන් පන්දුවාර 39කට සීමාවූ තරගයේ පලමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා පිල කඩුලු 7ක් දැවී ලකුණු 306 ක් රැස් කළා.
දසුන් ශානක ලකුණු 65 යි. තිසර පෙරේරා නොදැවී ලකුණු 51 යි.කුසල් ජනිත් පෙරේරා ලකුණු 51 ක් ලබාගත්තා.
වර්ෂාවෙන් යළි තරගයට බාධාවීම හේතුවෙන් දකුණු අප්‍රිකාවට පන්දුවාර 21කදී ලකුණු 191 ක ඉලක්කයක් හිමිවුණා.
එහෙත් තරගයේ අවසන් භාගයේදී ශ්‍රී ලංකා පන්දු යවන්නන්ගේ විශිෂ්ට දක්ෂතා හේතුවෙන් දකුණු අප්‍රිකාවට කඩුලු 9ක් දැවී ලබා ගැනීමට හැකිවුයේ ලකුණු 187 ක් පමණයි.
හෂීම් අම්ලා ලකුණු 40 යි.
පන්දු යැවීමේදී සුරංග ලක්මාල් කඩුලු 3ක් හා තිසර පෙරේරා කඩුලු 2ක් දවාගත්තා.
මෙහිදී තරගයේ අවසන් පන්දුවාරයේදී ජයග්‍රහණය වෙනුවෙන් ලකුණු 8ක් ලබාගැනීමට තිබුණද සුරංග ලක්මාල් ඩේවිඩ් මිලර් දවාගනිමින් දකුණු අප්‍රිකාවට ලබාදුන්නේ ලකුණු 4ක් පමණයි.
දසුන් ශානක තරගයේ වීරයා බවට පත්වුණා.