කල්ලි හැදුවොත් දැඩි තීන්දුවක් ගන්නවා / මහින්ද කියයි

ඒකාබද්ධ විපක්ෂය වශයෙන් ගන්නා පොදු තීන්දු උල්ලංඝනය කරමින් කවරකු හෝ කල්ලි කණ්ඩායම් හදන්නට ගියහොත් තමන් දැඩි දේශපාලන තීන්දුවක් ගන්නා බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කර තිබෙනවා.
දේශපාලන ආරංචි මාර්ග අනාවරණ කරන්නේ නියෝජ්‍ය කතානායක තෝරා ගැනීමේ ඡන්දයේදී සිය කණ්ඩායමේ ඇතැමුන් පක්ෂ මතයට අනුව ඡන්දය නොදීම සාධාරණීකරණය කිරීමට බැසිල් රාජපක්ෂ මහතා අදහස් පල කළ අවස්ථාවේ මහින්ද රාජපක්ෂ මහතා මෙය අවධාරණය කළ බවයි.
ඇතැම්විට එය තමන්ගේ නායකත්වයෙන් බිහිවන අලුත් දේශපාලන පක්ෂයක් විය හැකි බවද හිටපු ජනාධිපතිවරයා සදහන් කර තිබෙනවා.
මේ අතර නිදහස් පක්ෂයේ 16 කණ්ඩායම පොදුජන පෙරමුණේ නායකයින් මුණ නොගැසීම පිළිබද බැසිල් රාජපක්ෂ මහතා දොස් පවරා ඇති අතර එහිදී මහින්ද රාජපක්ෂ මහතා සදහන් කර ඇත්තේ එම පිරිස තමන් මුණ ගැසුණු බවයි.
කවරකු හෝ තම නායකත්වය නොපිලිගන්නේ නම් ඒ බව දන්වන ලෙසද මෙහිදී හිටපු ජනාධිපතිවරයා  පවසා ඇති බවයි අදාළ වාර්තා හෙළිකරන්නේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *