කලාභූෂණ සම්මානය මට එපා / ඩබ්ලිව් ජයසිරි කියයි


2018 කලාභූෂණ රාජ්‍ය සම්මාන උළෙලේ දී තමන්ට ලබාදීමයට යෝජිත කලාභූෂණ සම්මානය ප්‍රතික්ෂේප කරන බව ප්‍රවීණ කලාකරු ඩබ්ලිව් ජයසිරි මහතා ප්‍රකාශ කර තිබෙනවා.
ජනාධිපතිවරයාගේ ක්‍රියාකලාපයට විරෝධය පල කරමින් මෙම තීරණය ගත් බවයි ඔහු කියා සිටියේ.
කලාභූෂණ රාජ්‍ය සම්මාන උළෙල ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අනිද්දා කොලඹ නෙළුම් පොකුණ රගහලේදී පැවැත්වීමට නියමිතයි.


මෙම පුවතට අදාළව ප්‍රතිචාර දැක්වීමේ අයිතිය ඔබ සතුය. එම ප්‍රතිචාර lankaanews@gmail.com යන ඊ මේල් ලිපිනය වෙත යොමුකරන්න.