කලා වැව් ඉස්මත්තේ අලි ගැටුම් වැඩිවෙලා-Video

කලා වැව රක්ෂිතයේ හා බළලු වැව ඉස්මත්තේ අලි ඇතුන්ගේ ගැටුම් වර්ධනයවී ඇති බව වනජීවී නිලධාරීන් පවසනවා.
පසුගියදා එම ප්‍රදේශයේදීම විශාල අලි රංචුවක නායක අලියකු හා ඇතෙකු අතර ගැටුමක් හටගෙන තිබූ අතර ඉන් අලියා මිය ගියා.
කෙසේ වෙතත් එමගැටුමට සම්බන්ධ වූ ඇතාද මේ වන විට ප්‍රදේශයෙන් අතුරුදන්ව ඇති බවයි සදහන් වන්නේ.

මේ දිනවල අලි ඇතුන් කණ්ඩායම් පහකට බෙදී බරපතල ගැටුම් ඇතිකර ගන්නා ආකාරය කලා වැව රක්ෂිතයේ හා බළලු වැව ඉස්මත්තේ දැකගත හැකි අතර අලින්ගේ වසන්ත සමය හේතුවෙන් මෙම අලි ගැටුම් ඇති වන බව සදහන්.