You are here
Home > ආසන්න-පුවත් > කවුඩුල්ල වනයට හෙලිකොප්ටරයක් / අලි කලබලවී ජරමරයක්

කවුඩුල්ල වනයට හෙලිකොප්ටරයක් / අලි කලබලවී ජරමරයක්

කවුඩුල්ල ජාතික වනෝදයානයේ අලි බැලීමට ඉකුත් (13) දා පුද්ගලික සමාගමකට අයත් හෙලිකොප්ටරයක් පහත් කිරීම නිසා එහි ගැවසුණු අලි ඇතුන් 300ක් පමණ ඉමහත් කළබලයට පත්ව ගොඩබිමින් සෆාරි ජීප් මගින් උද්‍යානය තුළට ගොස් සිටි සංචාරකයින් 1500ක් පමණ බලවත් පීඩාවට පත්ව ඇතැයි චෝදනා එල්ලවනවා.

13 න් වනදා පස්වරු 2ට පමණ ගුවනින් පැමිණි සැහැල්ලු හෙලිකොප්ටරයක් අලි 300ක පමණ ගහණයක් සිටි කවුඩිල්ල ජාතික වනෝද්‍යානයේ මැද ප්‍රදේශයේ ඉහළ අහසේ සිට අධික වේගයෙන් වනෝද්‍යානය මැදට පහත් කිරීම සමගයි එහි සිටි අලි ඇතුන් කලබලයට පත්ව තිබුණේ.
මෙහිදී කලබලයට පත් අලි ඇතුන් සංචාරකයින් පසුපස හඹා යාමටද පටන් ගෙන තිබූ අතර එහිදී සංචාරකයින් මහත් අවධානමකටද මුහුණපා තිබුණා.
මේ පිළිබදව කවුඩුල්ල ජාතික වනෝද්‍යානයේ උද්‍යානය භාරකරු ඩබ්.ජී.කේ.හේරත් මහතා පල කළේ මෙවන් අදහසක්.
“අපි මේ සම්බන්ධයෙන් සොයා බැලීමක් කළා.ඒ වගේම සිවිල් හා ගුවන් සේවා අධිකාරියටත් හිගුරක්ගොඩ ගුවන් හමුදා කදවුරටත් පැමිණිලි කළා.මීට කලිනුත් මේ චොපර් එක ඇවිත් තියෙනවා.මාසයකට වතාවක් පමණ එනවා.අපි දිගින් දිගටම පැමිණිලි කළත් මේක නැවතී නැහැ.දැන් අපි නඩු මගට යනවා.නිදැල්ලේ නිදහසේ ඉන්න අලි ඇතුන් කළබල කරලා ගුවනින් ඇවිත් ලං කරලා වීඩියෝ කරනවා කියලා අපට තොරතුරු ලැබිලා තියෙනවා.මේ අහිංසක සත්තුන්ට පාඩුවේ ඉන්න දෙන්නේ නැති පුද්ගලික ගුවන් යානය කාගේ ද කියන එක පිළිබදව අපි සොයා බැලීමක් කරනවා.”

Top