කහ කමිස නිසා අයිෆල් කුළුණ වැසේ

හෙට සිට ක්‍රියාත්මක වන පරිදි ප්‍රංශයේ පැරිස් නුවර අයිෆල් කුළුණ ආශ්‍රීත සංචාරක කලාපය වසා දැමීමට තීරණය කර තිබෙනවා.
ඒ එරට ක්‍රීයාත්මක කහ කමිසකරුවන්ගේ විරෝධතාවය තවදුරටත් වර්ධනයවීමේ අවධානම සමගයි.
මේ වන විටත් රාජ්‍ය විරෝධී විරෝධතාකරුවන් ස්ථාන රැසකම කළහකාරී ලෙස හැසිරෙන බවයි වාර්තාවන්නේ.
ඒ අනුව පැරිස් හී කෞතුකාගාර / වෙළදසැල් ඇතුලු ස්ථාන රැසක්ම වසා දැමීමට නියෝග කර ඇති අතර 89,000 ක් පොලිස් නිලධාරීන් පිරිසක් විරෝධතා මර්ධනයට යොදවා .තිබෙනවා.