ක්වීන්ස්ලන්ත වෙරලේදී 2600 කට ජෙලි ෆිෂ් දෂ්ඨ කරලා


ක්වීන්ස්ලන්ත මුහුදු වෙරළට ගිය දහස් සංඛ්‍යාත පිරිසක් bluebottle jellyfish සතුන්ගේ දෂ්ඨනය ට ලක්වේ ඇති බව වාර්තා වනවා.

පසුගිය සති අන්තයේ ගෝල්ඩ් කෝස්ට් සහ Sunshine  කෝස්ට් වෙරළ තීර වල සිටි පුද්ගලයින් 2600 ක් පමණ මෙලෙස bluebottle jellyfish දෂ්ඨනය ට ලක්ව ඇති බව සඳහන්.

ඔවුන් සඳහා වහා ප්‍රථමාධාර ලබාදී තිබෙනවා.

ඇතැම් පුද්ගලයින්ගේ තත්ත්වය තරමක් උග්‍ර වූ බවත් ඔවුන්ට paramedics සේවාවන් වහා ලබා දුන් බවත් සඳහන්.

මෙවැනි සිදුවීමක් තමන් කිසි දිනෙක දැක නැති බව Surf Life Saving සංවිධානයේ කාර්යයේ නියුතු නිලාධරී Jeremy Sturges, ප්‍රකාශ කර තිබෙනවා.

ඔස්ට්‍රේලියානු මුහුදු තීර වල සිටින Blue bottle jellyfish ඇතැම් පුද්ගලයින්ට මාරාන්තික වනවා.

Blue bottle jellyfish ප්‍රහාරයක් එල්ලවුවහොත් එම තුවාල වූ පෙදෙස මිනිත්තු 20 ක් පමණ උණුසුම් වතුරේ බහා තැබිය යුතුයි.

උණුසුම් ජලය නොමැතිනම්  ice pack එකක් තැබීමද සුදුසු වන අතර වැලි හෝ අනෙකුත් දියර වර්ග තුවාලය මතට නොදැමීමටද වග බලාගත යුතු  වනවා.


මෙම පුවතට අදාළව ප්‍රතිචාර දැක්වීමේ අයිතිය ඔබ සතුය. එම ප්‍රතිචාර lankaanews@gmail.com යන ඊ මේල් ලිපිනය වෙත යොමුකරන්න.