ක්‍රයිස්චර්ච් ප්‍රහාරයෙන් 40ක් මරුට


ක‍්‍රයිස්චර්ච් නගරයේ සියලු දේවස්ථාන නැවත දැනුම්දෙන තුරු වසාදමන ලෙස බලධාරින් දැනුම්දී තිබෙනවා. ඒ දේවස්ථාන දෙකකට පෙරවරුවේ එල්ලවූ වෙඩි ප‍්‍රහාර හේතුවෙන්.

ප‍්‍රහාරයෙන් 40දෙනෙකු මියයන්නට ඇති බවටයි වාර්තා පලවන්නේ.

වෙඩිතැබීමට සම්බන්ධ එක් අයෙකු අත්අඩංගුවට ගත් බව නගර පොලිස් කොමසාරිස්වරයා තහවුරු කළා. ඔහු ඔස්ටේ‍්‍රලියා ජාතිකයෙකු බවටයි සැක කෙරෙන්නේ.

ප්‍රහාරය සමග නගරයේ වෙනත් දේවස්ථානයක යාඥාවේ නිරතව සිටි බංගලිදේශ කි‍්‍රකට් කණ්ඩායම ආරක්ෂිතව එම ස්ථානයෙන් ඉවත් කර ඇති බවත් වාර්තා වනවා.

ක‍්‍රයිස්චර්ච් නගරයේ සියලු පාසල් ද වසාදැමීමට පියවර ගැණුනා. ජනතාවට නිවෙස් වලට සිටින ලෙසට දැනුම්දී තිබෙනවා.

ප‍්‍රහාරය පිළිබද නිශ්චිතව කිව නොහැකි වුවද මෙය නවසීලන්ත ඉතිහාසයේ අදුරු දිනයක් වනු ඇති බවයි අග‍්‍රාමාත්‍ය ජසින්දා ආර්ඩන් ප‍්‍රකාශ කළේ.


මෙම පුවතට අදාළව ප්‍රතිචාර දැක්වීමේ අයිතිය ඔබ සතුය. එම ප්‍රතිචාර lankaanews@gmail.com යන ඊ මේල් ලිපිනය වෙත යොමුකරන්න.

Leave a Reply

Your email address will not be published.