Press "Enter" to skip to content

ක්‍රිකට් අඳුරේ / එළියක් නෑ -මාවන් අතපත්තු


ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් කී‍්‍රඩාව අඳුරුතම යුගයට මුවාවී සිටින කල එළිය ඇත්තේ කොහේද යන්න කිසිවකු දන්නේ නැත. මෙරට ක‍්‍රිකට් ඉතිහාසයේ හැඩකාරම පිතිකරුවා වු මාවන් අතපත්තු පසුකලක ශ‍්‍රී ලංකාවේ සාර්ථකම නායකයාද විය. අනතුරුව පුහුණුකරුවා වශයෙන් ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ඔසවා තබන්නටද ඔහු දායක විය. කාලයාගේ ඇවෑමෙන් අද මාවන්ලාට තැනක් නැත. නමුත් ඔහු ක‍්‍රිකට් කෙරෙහි ඇස යොමා සිටියි. එහෙත් අඳුරු පැතිකඩකින් වැසි ඇති ක‍්‍රිකට් ක‍්‍රීඩාවට එළිය වැටෙන මායිමක් ඔහු නොදන්නා බවද පවසයි. ‘ජරසජඉම‘‘’ වෙබ් අඩවිය සමග වත්මන් ක‍්‍රිකට් සම්බන්ධයෙන් මාවන් අතපත්තු පළ කළ අදහස් ඉතා ගැඹුරුය. ඔහුගේ හඩ වත්මන් ක‍්‍රිකට් නිලධාරීන්ටද උත්තේජනයක් විය යුතුය. එහි අන්තර්ගතය අපි මෙසේ සටහන් කරමු.

ප‍්‍රශ්නය – ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ක‍්‍රීඩාවේ අඳුරුතම කාලය මෙයද?

පිළිතුර – අවංකවම මම කියනවා මේක නරක කාලයක් කියලා. නමුත් සෑම නරක කාලයකදීම අපි අනාගතයේදී ආලෝකය දකිනවා. මේ යන ආකාරයට සහ කටයුතු සිදුවන විදිහට මම අනාගතයේදීත් එවැනි ආලෝකයක් දකින්නේ නැහැ. ඒකට හේතු කිහිපයක් තියෙනවා. පිටින් එන සමහර සැලසුම් හරියන්නේ නැහැ. හැමෝටම විවිධ අදහස් සහ සැලසුම් ඇති. සමහර විට එක්කෙනකුට මිලියන ගණනක සැලසුම් ඇති. නමුත් සාමාන්‍ය තැනකට එන්න අපි පසුගිය කාලයේදීත් අනාගතය වෙනුවෙනුත් කරපු දේ වැරදියි.

ප‍්‍රශ්නය – ඔබ දැන් ආලෝකය දකින්නේ නැහැ වගේම අනාගතයේ දකින්නේත් අන්ධකාරයද?

පිළිතුර – මම ආලෝකය දකින්නේ නැහැ. උමඟක් ඇතුළේ මම කොහෙත්ම ආලෝකය දකින්නේ නැහැ. මම ඒ ගැන පුදුම වෙන්නේ නැහැ. සමහරවිට මම වැරදි වෙන්න පුළුවන්. නමුත් මේ වන විට ක‍්‍රීඩකයන්, පුහුණුකාර්්‍ය මණ්ඩලය සහ ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් මුහුණ දී සිටින්නේ එකම ක‍්‍රමවේදයේ ප‍්‍රශ්නයකට. ඔවුන් යන්නෙ කොහෙද කියලා නොදැන යන මේ ගමන අනාගතයටත් ඉතාම භයානකයි.

ප‍්‍රශ්නය – ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ක‍්‍රීඩාව මෙවැනි තැනකට වැටුණේ කොහොමද?

පිළිතුර – කණ්ඩායම පරිවර්තනය යුගයේදී ගෙනා ක‍්‍රමවේදයේදී අපේ වාග් මාලාව අමතක වෙලා තියෙනවා. එතනදී රසිකයන්, පුහුණුකරුවන් ක‍්‍රීඩකයන් සහ වත්මන් ක‍්‍රීඩකයන් සියලූ දෙනාගේ ක‍්‍රියාකාරිත්වය අමතක වෙලා. හැමදාම සංගක්කාර. මහේල, ඩිල්ෂාන් සහ හේරත් යන අයගේ සේවය ලැබෙන්නේ නැහැ. ඒ වගේ අවස්ථාවක් වෙනකොට විශ්වාස කළ හැකි සහ ආයෝජනය කළ හැකි ක‍්‍රීඩකයන් බිහි කළ යුතුයි. මාස 18 ක් ඇතුළත ක‍්‍රීඩකයන් 30 කට වඩා ආයෝජනය කිරිම ඊට විසඳුම නොවෙයි. සෑම තරගාවලියකම සහ සංචාරයකම ස්ථිර පිතිකරු අනුපිළිවෙලක් පසුගිය කාලයේ තිබුණෙ නැහැ. ඉතිං අංක තුන ගහන ක‍්‍රීඩකයා ඔබ නම් ඔබව හැම තිස්සෙම මාරු වන විට රටකට ගිහිල්ලා මෙතන ගහන්න පුළුවන්ද කියලා ඇහුව්වහම ඒ ක‍්‍රීඩකයාට විශ්වාසය එන්නෙ නැහැ.

ප‍්‍රශ්නය – 2015 වසර වෙනකම් ඔබ ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් සමග සම්බන්ධ වී හිටියා. මේ වැටීම ආපසු හරවන්න බැරි බවට ඔබ සිතනවාද?

පිළිතුර – මම 2015 වසරේදී කණ්ඩායමෙන් ඉවත් වුණේ ශ‍්‍රී ලංකාවේ පැවැති ඉන්දියානු සහ පාකිස්තානු තරගාවලිය පරාජය වීම නිසා. ඒ කාලයේ ප‍්‍රධාන භූමිකාව වු සංගක්කාර විශ‍්‍රාම ගිය පසුවත් ක‍්‍රිකට් යම්තාක් හොඳට තිබුණා. එහෙත් 2015-16 වෙනත් ආකාරයකින් වෙනස් වුණා. පරිපාලකයින්, පුහුණුකරුවන්, මාධ්‍ය සහ ක‍්‍රිකට් ගැන මම කතා කරන්නෙ. එතන එක් අරමුණක් තිබුණා. නමුත් පරිපාලකවරු දෙදෙනෙක් පැමිණෙන විට වෙනස් අදහස් වලින් පාලනය වුණා.

ප‍්‍රශ්නය – මේ ක‍්‍රිකට් වැටීම ගැන ඔබ චෝදනා කරන්නේ කාටද?

පිළිතුර – එක් පුද්ගලයකුට ඇ`ගිල්ල දිගු කරන්න බැහැ. මේ වෙලාවේ හැමෝම උත්සහ කරන්නේ ඡුන්දය ලබා ගන්න. එතනදි ජාතික ක‍්‍රිකට් ප‍්‍රතිපත්තියක් නැහැ. මගේ පැත්තට ඡුන්දය දෙන්න. මම මේ කෙනාගෙ පැත්ත ගන්නවා කියන එක තමයි ක‍්‍රිකට් නිලවරණයේදී සිදුවෙන්නෙ. මේ ක‍්‍රමය වෙනස් වෙන්න ඕන. හිටපු ක‍්‍රිකට් ක‍්‍රීඩකයන්ට හොඳින් උදව් කරන්න වුවමනායි. මේ තත්ත්වය නිසා එහෙම වෙන්නෙ නැහැ.

ප‍්‍රශ්නය – ඔබේ කාලයේ සිටි ශ්‍රේෂ්ඨයන් කණ්ඩායමට ප‍්‍රමාණවත්ව හිටියාද?

පිළිතුර – මට එදා තනියම මැදිහත් වෙන්න තීරණ ගන්න අවශ්‍ය වුණේ නැහැ. ශ්‍රේෂ්ඨයන් හිටියා. මට කසිවකුගේ ආධාරකරුවකු වශයෙන් මාධ්‍යයෙන් ඉහළට ගේන්නත් අවශ්‍ය වුණේ නැහැ. මගේ කාලයේ මම සතුටින් ක‍්‍රීඩා කරලා විශ‍්‍රාම ගියා. මට මගේ විශ‍්‍රාම ගැනීම භුක්ති විඳීමට අවශ්‍යයි. මගෙ කාලයේ සිටි බොහෝ අය සතුටින් ක‍්‍රීඩා කළා.

ප‍්‍රශ්නය – මේ තත්ත්වය අනුව පේ‍්‍රක්‍ෂකයන් ක‍්‍රිකට් ප‍්‍රතික්ෂේප කරනවා කියා ඔබ සිතනවාද?

පිළිතුර – මම හිතන්නෙ මිනිස්සු ඒක අවබෝධ කරගෙන ඉන්නවා. නමුත් කතා කරන්නේ නැහැ. හැමෝටම අවශ්‍ය හොඳ ශක්තිමත් ශ‍්‍රී ලංකා කණ්ඩායමක්. ශ‍්‍රී ලංකාවේ සෑම ක‍්‍රීඩාවකටම මේ තත්ත්වය පොදුයි. පේ‍්‍රක්‍ෂකයන්ට ක‍්‍රිකට් ගැන පෞද්ගලික අභිමානයක් තිබ්බා.

ප‍්‍රශ්නය – ක‍්‍රිකට් දුෂණ ගැන කතා වෙනවා. ඔබ ඒ සම්බන්ධයෙන් කුමන මතයකද සිටින්නේ?

පිළිතුර – මම හරියටම දන්නෙ නැති කරුණු ගැන කතා කරන්න කැමැති නැහැ. නමුත් ප‍්‍රශ්න මතුවෙලා තියෙනවා. ඒ ප‍්‍රශ්න දෙස බැලූවහම ඕනෑම දෙයක් සිදුවිය හැකියි.

ප‍්‍රශ්නය – ඔබ සනත් ජයසුරිය සහ නුවන් සොයිසාගේ ප‍්‍රශ්නය මොන ආකාරයෙන්ද දකින්නෙ

පිළිතුර – එය ඇත්තටම මට කම්පනයක් ඇති වු සිද්ධියක්. නමුත් අපගේ ලෝකයේ කීර්තිමත් සහ ජනප‍්‍රියතම ක‍්‍රිකට් ක‍්‍රීඩකයෙක් ඔහු. සනත්ගේ සිද්ධියේදී මම ඉගෙන ගත්තේ ඔහුගේ දුරකතනය නොහඳුනන නඩුවක්. රටකට කීර්තියක් ගෙන දුන් කෙනෙකුගේ පුරාවෘත්තියට සිදුවු අවාසනාවන්ත කතාවක්. ක‍්‍රිකට් වෙනුවෙන් ඇතැම් සිදුවිම් පිරිසිදු කිරීමට අවශ්‍යයි.

ප‍්‍රශ්නය – ශ‍්‍රී ලංකා ක‍්‍රිකට්වල ආපසු හැරවීම ආරම්භ කරන්නේ කෙසේද

පිළිතුර – දැන් ඉන්දියාව දෙස බලන්න. අපේ කාලයේ ඔවුන්ට හිටියේ ශ‍්‍රීෂාන්ත් වෙන්කාටේෂ් ප‍්‍රසාද් පමණයි වේග පන්දු යවන්නන් වශයෙන්. නමුත් දැන් ඔවුන්ට වේග පන්දු යවන්නන් හය දෙනෙක් විතර ඉන්නවා. අපේ වේග පන්දු යවන්නන් රැුක බලා ගැනීම අවශ්‍යයි. ඒකට වෙනම ඒකකයක් වුවමනායි. ඔවුන්ගේ විනය සහ ක‍්‍රිකට් ක‍්‍රීඩාව ගරු කරන ආකාරයත් ඉගැන්විය යුතුයි.

ප‍්‍රශ්නය – චන්දික හතුරුසිංහගේ පුහුණුකරු තනතුර ගැන ඔබ මොකද හිතන්නෙ. ඔහුව තේරීම් කමිටුවෙනුත් ඉවත් කළා.

පිළිතුර – (සිනාසෙමින්* ඒක ඩොලර් මිලියනයක ප‍්‍රශ්නයක්. පසුගිය අවුරුදු 7-8 ක කාලයේ ශ‍්‍රී ලංකාවේ පුහුණුකරුවන් ඉතාමත් සාර්ථක වෙලා නැති බව කිව යුතුයි. දිනන විට පුහුණුකරුවා වීරයකු වෙයි. ඒක අහිමි වුණොත් දඩයක්කරුවකු වගේ පුහුණුකරුව අල්ලා ගන්නේ කෙසේද? මීට කලින් ඇන්ජලෝ මැතිව්ස්ව ඔහු ඉවත් කළා. මගේ මතය අනුව එවැනි දේවලින් පුහුණුකරුගේ තත්ත්වය විනිශ්චය කළ නොහැකියි. හතුරුසිංහ පුහුණුකරන කණ්ඩායම දෙස බලන්න. ඒක අමාරුයි නේද? පුහුණුකරු තම ක‍්‍රීඩකයන් ගැන හොඳ දේවල් කියන්නෙක් වෙන්න ඕන නැහැ.

සටහන – අසේල විතාන


මෙම පුවතට අදාළව ප්‍රතිචාර දැක්වීමේ අයිතිය ඔබ සතුය. එම ප්‍රතිචාර lankaanews@gmail.com යන ඊ මේල් ලිපිනය වෙත යොමුකරන්න