ක්‍රිකට් තරග 15ක් පාවා දීලා / සියලු තොරතුරු හෙළිවෙයි

ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ පසුගිය වසර 6 තුල සිදුවූ බරපතල මට්ටමේ තරග පාවාදීම් සම්බන්ධ සියලු තොරතුරු අනාවරණවී තිබෙනවා.
ඒ ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ තරග පාවාදීම් සැලසුම් කළ අනිල් මුනාවර් නැමැත්තකු අල් ජසීරා පුවත් සේවයට සියලු හඩ පට හා සාක්ෂි සහිතව මේ පිළිබද අනාවරණ කිරීම සමගයි.
ඒ අනුව 2012 වසරේ සිට මේ දක්වා ජාත්‍යන්තර තරග 15කදී ක්‍රීඩකයින් තරග පාවාදුන් බවයි අල් ජසීරා අනාවරණයේ දැක්වෙන්නේ.
එක් තරගයක් පාවාදීම සදහා ක්‍රීඩකයකුට හෝ කණ්ඩායමක කිහිපදෙනකුට රුපියල් කෝටි 4ත් 10ත් අතර මුදලක් ලබාදී තිබෙනවා.
ඒ අනුව ශ්‍රී ලංකාව හා සිම්බාබ්වේ අතර පැවැති තරගයක්ද ක්‍රීඩකයින් විසින් මුදලට පාවාදුන් බවයි අනිල් මුනාවර් අනාවරණ කරන්නේ.
මේ දක්වා ක්‍රීඩකයින් 25ත් 30ත් අතර පිරිසක් එසේ ජාත්‍යන්තර පිටියේ තරග පාවාදීමට තමන් හා සම්බන්ධවූ බවද අනිල් මුනාවර් හෙළඵිකරනවා.
ඉන්දීය පාතාලයේ සබදතාවයන්ද සහිත මෙම තරග පාවාදීම් මෙහෙයවන්නා පවසන්නේ අවසන් වරට පැවැති ඉන්දියාව හා ඔස්ටේ්‍රලියාව අතර තරගයේදී ඉන්දීය ක්‍රීඩකයින් දෙදනකු තරග පාවාදුන් බවයි.
ඔහු එම ක්‍රීඩකයින් හෙළිකර නොමැතිවුවද රෝහිත් ෂර්මා හා විරාත් කෝලි සමග මෙම පාවාදීම් මෙහෙයවන්නා සමග සිටින ජායාරූප අල් ජසීරා අනාවරණයෙන් එළිදක්වා තිබෙනවා.

මෙම පාවාදීම් සම්බන්ධ හටපටවලදී තරගයක මුල් පන්දුවාර 10 තුල රදවා ගත යුතු වේගය දැවී යා යුතු කඩුලු හා අඩු ලකුණු වේගයක් පවත්වා ගැනීම මෙන්ම මුදල් බැර කළ බවට වන දැනුම්දීම්ද ඊට ක්‍රීඩකයින් දැක්වූ ප්‍රතිචාරයන්ද ඇතුලත් වනවා.

මෙම අනාවරණය අනුව 2012 වසරේ සිට තරග පාවාදී ඇති අවස්ථාවන් මෙසේයි.

එංගලන්තය හා පකිස්ථානය අතර තරගාවලියක ටෙස්ට් තරග 3ක්

දකුණු අප්‍රිකාව හා ඔස්ටේ්‍රලියාව අතර ටෙස්ට් තරගයක්

ඔස්ටේ්‍රලියාව හා නවසීලන්තය අතර ටෙස්ට් තරගයක්

ඔස්ටේ්‍රලියාව හා ඉන්දියාව අතර ටෙස්ට් තරගයක්

 

ඔස්ටේ්‍රලියාව හා එංගලන්තය අතර එක්දින තරගයක්

එංගලන්තය හා නෙදර්ලන්තය අතර එක්දින තරගයක්

ඔස්ටේ්‍රලියාව – සිම්බාබ්වේ අතර එක්දින තරගයක්

එංගලන්තය – දකුණු අප්‍රිකාව එක්දින අතර තරගයක්

එංගලන්තය – බංග්ලාදේශය අතර එක්දින තරගයක්

ඔස්ටේ්‍රලියාව – කෙන්යාව අතර තරගයක්

ලංකාව – සිම්බාබ්වේ අතර T20 තරගයක්

එංගලන්තය – ඇෆ්ගනිස්ථානය අතර T20 තරගයක්

දකුණු අප්‍රිකාව – පකිස්ථානය අතර T20 තරගයක්


පකිස්ථාන ක්‍රීඩකයින් තරග 3ක් පාවාදුන් බවත් ශ්‍රී ලංකාව ඇතුලු අනෙක් රටවල ක්‍රීඩකයින් තරගය බැගින් පාවාදුන් බවත් ඔහු හෙළිකරනවා.
ඒ අනුව මෙම අනාවරණය පිළිබද විශේෂ අවධානයක් යොමුකර ඇති බවයි අයි සී සී යේ නිලධාරීන් අල් ජසීරා පුවත් සේවයට අදහස් පල කර ඇත්තේ.

අනිල් මුනාවර් ප්‍රමුඛ කල්ලිය තරග පාවාදීමේ එක් කණ්ඩායමක් වන අතර එවන් කණ්ඩායම් රැසක්ම ඉන්දියාවේ ක්‍රියාත්මක වන බැවින් තරග පාවාදීම් වඩා විශාල විය හැකි බවයි අඅනාවරණයේ දැක්වෙන්නේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *