ක්‍රිකට් සභාපතිට එරෙහි වාරණයක් ඉල්ලා අධිකරණයට පෙත්සමක්

ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණයට වත්මන් ක්‍රිකට් සභාපති තිලංග සුමතිපාල මහතා තරග කිරීම වලක්වන අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා නිලවරණයට ඉදිරිපත්ව සිටින නිශාන්ත රණතුංග මහතා විසින් අභියාචනාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කර තිබෙනවා.
එහි දැක්වෙන්නේ සුමතිපාල මහතා සිය ධූරයේ සිටිමින් යළි සභාපති ධූරය සදහා නාම යෝජනා ඉදිරිපත් කිරීමෙන් ක්‍රිකට් පනත උල්ලංඝනය කර ඇති බවයි.
ඒ අනුව ඔහුට නිලවරණයට තරග කළ නොහැකි වනසේ වාරණයක් නිකුත් කරන මෙන් මෙයින් ඉල්ලා තිබෙනවා.
එහි වගඋත්තරකරුවන් ලෙස ක්‍රීඩා අමාත්‍යවරයා ඇතුලු 21 දෙනකු නම් කර තිබෙනවා.