ක්‍රීඩා ඇමති ජයසූරිය වෙනුවෙන් තැබූ ෆේස්බුක් සටහන

මේ වන විට දණහිසේ ආබාධයක් හේතුවෙන් ඇවිදීමේ අපහසුවකට ලක්ව විදෙස්ගතව ප්‍රතිකාර ලබන සුපිරි ක්‍රීඩක සනත් ජයසූරියට ක්‍රීඩා අමාත්‍ය දයාසාරි ජයසේකර මහතා ඉක්මන් සුවය ප්‍රාර්ථනා කර තිබෙනවා. ඒ ෆේස් බුක් පණිවිඩයක් මගිනුයි. මේ එම පනිවිඩයයි.

ලෝකයේ ශ්‍රී ලංකාවට ක්‍රිකට් සලකුණක් සකස් කරදුන් හිටපු සුපිරි තුන්ඉරියව් ක්‍රීඩක හා හිටපු තේරීම්කමිටු සභාපති සනත් ජයසුරිය මහතාට ඉක්මන් සුවය පතමු.

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවට වෙනම රිද්මයක් හඳුන්වා දීමට පුරෝගාමී පුද්ගලයා කවුරුන්ද යන්න ප්‍රශ්නයට නැගුවහොත් ලැබෙන පිළිතුරු වලින් බොහොමයක සනත් ජයසුරිය යන නම තිබෙන්නට හැක.මන්ද ක්‍රිකට් ක්‍රීඩාව පන්දු යවන්නන් විනාශ කරන ක්‍රීඩාවක් බවට පත් කිරීමේ සැලසුම ක්‍රියාත්මක කිරීමට සනත් මහත් දායකත්වයක් ලබාදුන් අතර ඔහු එම රටාව එක්දින පිටියට පමණක් සීමා නොකර ටෙස්ට් තරඟවලටද රැගෙන ආ අතර ශ්‍රී ලංකා ක්‍රිකට් ලැබූ ජයග්‍රහණ රැසක් පසුපස එම රිද්මය තිබුන බව සැමදෙනාම දන්නා කරුණකි.

සනත් මේ දිනවල දරුණු දණහිසේ ආභාදයකින් පීඩා විඳින අතර ඔහුට තනිව ඇවිදගන්න බැරි තැනට පත්වී ඇති බවද එම තත්වයට අදාළ ප්‍රතිකාර ගැනීම සඳහා ඔස්ට්‍රේලියාවට පිටත්ව ගොස් ඇත. ඔහු මසක පමණ කාලයක් එහි අදාළ සැත්කම වෙනුවෙන් ගතකරන බවද මේ අතර වැඩිදුරටත් වාර්තා වේ.

ලෝකයේ ශ්‍රී ලංකාවට ක්‍රිකට් සලකුණක් සකස් කරදුන් සනත්ට අප ඉක්මන් සුවය පතමු.

Image may contain: 1 person, standing