ක්‍රෙඩිට් කාඩ් පොලී අනුපාත හිතුමතේ නග්ගලා

ශ්‍රී ලංකා මහබැංකුව මගින් ක්‍රෙඩිට් කාඩ් සඳහා පනවා තිබූ උපරිම පොලී සීමාව ඉවත් කිරීම හේතුවෙන් ඇතැම් මූල්‍ය ආයතන අත්තනෝමතික ලෙස පොලී අනුපාත ඉහල නංවා තිඛෙනවා.

ඒ අනුව මෙතෙක් පැවැති සියයට 24ක් වූ උපරිම පොලී සීමාව අහෝසි වීම නිසා බැංකුවලට හිතුමතේ ක්‍රෙඩිට් කාඩ් සඳහා පාරිභෝගිකයාගෙන් පොලී අයකර ගැනීමට අවස්ථාව සැලසී ඇති බවයි වාර්තාවන්නේ. දැනටමත් ඇතැම් මූල්‍ය ආයතන ක්‍රෙඩිට් කාඩ් පොලිය සියයට 28 දක්වා ඉහළ දමා තිඛෙනවා. පොලී සීමාව ඉවත්කර ඇති නිසා අනාගතයේදී මෙයට වඩා ඉහළ පොලියක් වුවද අය කිරීමට එම ආයතනවලට හැකියාව පවතින බවයි මූල්‍ය විශ්ලේෂකයින් සදහන් කරන්නේ.

ශ්‍රි ලංකා මහ බැංකුවේ ප්‍රකාශකයකු පැවසුවේ පොලී සීමාව ඉවත්කළද ක්‍රෙඩිට් කාඩ් නිකුත් කරන බැංකු අතර තරගයක් පවතින නිසා පොලිය විශාල වශයෙන් ඉහළ නොයනු ඇති බවයි.

එසේ වුවද දැනටමත් වැඩිකර ඇති සියයට 4 පොලිය නිසාද තමන් අපහසුතාවට පත්ව සිටින බව පවසන පාරිභෝගිකයෝ පොලිය අඩුකළ යුතුව තිබියදී වැඩිකිරීමට අවස්ථාව සලසාදීමෙන් තමන්ට අසාධාරණයක් සිදුව ඇති බව අවධාරණය අවධාරණය කරනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *