කැමැත්තෙන් මරණය තෝරාගන්න ඉන්දියාවෙන් අවසර

බරපතල මට්ටමේ මාරාන්තික රෝගාබාධවලින් පීඩා විදින්නන්ට ස්ව කැමැත්තෙන් මරණය අයදුම් කිරීමේ හැකියාව ලබාදීමට ඉන්දිය ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර තිඛෙනවා.
ඒ අනුව අනායාස මරණයක් හෙවත් මාරාන්තික මට්ටමේ පසුවන රෝගියකුට ඔහුගේ හෝ පවුලේ ඥාතීන්ගේ එකගතාවය මත ප්‍රතිකාර අත්හිටුවා වේදනාවෙන් තොර මරණයක් හිමිකර ගැනීමට අවසර ලබාදීමයි මේ යටතේ සිදුවන්නේ.
ඒ අනුව සුව නොවන රෝග වැලදුණු/ අඩු කාලයක් ජීවත්වීමට ඉඩ ඇති පුද්ගලයන්ට සහ ඔත්පලව එක් තැන් වී සිටින පුද්ගලයන්ට ස්වේච්චාවෙන් මරණය සදහා යොමු වීමට සහය දීම මෙම නඩු තීරණයෙන් පසුව නීත්‍යානුකූල වනවා.
දැඩි ලෙස රෝගාතුර වූ පුද්ගලයෙකුට ගෞරවාන්විත මරණයක් ලැබීමේ අයිතියක් ඇති බව මෙම නඩුවේ පෙත්සම්කරුවන් අධිකරණයට කරුණු ඉදිරිපත් කරමින් ප්‍රකාශ කළ අතර එම තර්ක මත පදනම්ව අවසාන තීන්දුව ප්‍රකාශයට පත් කරමින් ගෞරවාන්විත මරණයක් ලැබීම පුද්ගලයෙකුගේ අයිතියක් බව ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කරනු ලැබුවා.
දැනට මෙම අවසරය බටහිර රටවල් රැසකද ක්‍රියාත්මක වනවා.