කැලෑ සහ වන සතුන් රකින්න STF මෙහෙයුම් ඇරඹෙයි

Banner

මෙරට වන සම්පත සහ වනජීවි සම්පත රැක ගැනීම සඳහා පොලිස් විශේෂ කාර්ය බලකා සහාය ලබා දීමට රජය තීරණය කර තිඛෙනවා.

මෙරට ජාතික වනඋද්‍යාන අභයභූමි ආදී රක්ෂිත වනාන්තර ඇතුළු වන පෙත් ආශ්‍රිතව සිදුවන සතුන් දඩයම සහ දැව ජාවාරම් සම්බන්ධයෙන් වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව සහ වන ජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තු සමඟ පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් එක්ව කටයුතු කිරීමට නියමිතයි.

මේ අතර මන්නාරම් මඩු රක්ෂිතයේ පම්පේඩි කැලෑවේ පවත්වාගෙන ගිය රහසිගත දැවජාවාරමක් අද (27) අළුයම මඩු අඩවි වන නිලධාරීන් හා මන්නාරම් පොලිස් විශේෂ කාර්ය බළකා කඳවුරේ නිලධාරීන් විසින් වටලාතිඛෙනවා.

කැලෑවෙන් කපන ලද බුරුත ගස් තොගයක්, යතුරුපැදියක්, දැව ඉරීම සඳහා යොදාගත් උපකරණ තොගයක් ද පොලිස් භාරයට ගෙන තිබුණා.

මේ අතර දැනට හොරව්පතාන අලි රැඳවුමෙන් පිටතට පැමිණ සිටින ගල්ගමුවේ තනිදළයා හස්තියාගේ ආරක්ෂාව පිණිසද පොලිස් විශේෂ බලකා නිලධාරීන් කණ්ඩායමක් යොදා ඇති බවයි වනජීවී අමාතයාංශය සදහන් කළේ.

Banner