කැවුමාගේ හවුල්කාරියක් අල්ලන්න මහජන සහාය ඉල්ලයි


පසුගියදා අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින දොඩම්දූව වඩුගේ කැළුම් ඉන්දික සම්පත් නොහොත් ‘කැවුමා‘ නැමැති සැකකරුගේ මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ සැකකාරියක් අත්ඩංගුවට ගැනීම සදහා පොලිසිය මහජන සහාය අපේක්ෂා කර තිබෙනවා.
සැකකාරියගේ ඡායාරූපයක් සමඟ පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පහත සදහන් තොරතුරු ප්‍රසිද්ධ කර තිබුණා.
නම – මහඋඩුවගේ දොන් නිරෝශා නිල්මිණී පෙරේරා නොහොත් තුෂාරි
වයස – අවුරුදු 47
ලිපිනය – අංක 01,ජනතා පෙදෙස,කටුබැද්ද,මොරටුව
මෙම සැකකාරිය සම්බන්ධයෙන් තොරතුරු ඇතොත්, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කැලණිය උපාලි ජයසිංහ මහතාගේ 071-8591589 දුරකථන අංකය දැනුම් දෙන ලෙස පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය මහජනතාවට දැනුම් දෙනවා.

මෙම පුවතට අදාළව ප්‍රතිචාර දැක්වීමේ අයිතිය ඔබ සතුය. එම ප්‍රතිචාර lankaanews@gmail.com යන ඊ මේල් ලිපිනය වෙත යොමුකරන්න.

Leave a Reply

Your email address will not be published.