කෑ ගහන්න එපා /ලබන වසරේ ජනාධිපතිවරණය/ මහින්ද කියයි

ලබන වසරේ ජනාධිපතිවරණයක් පවත්වන බව තමන් ඇතුලු පිරිසට දෝෂාරෝපණය කරන ඇතැම් නායකයින් අමතක නොකළ යුතු බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසනවා.
පොදුජන පෙරමුණේ ජන හමුවක් අමතමින් රාජපක්ෂ මහතා මෙම අදහස් පල කළා.,

”ගොවි පුතෙක් රජ වෙනකොට මිනිස්සු බලාපොරොත්තු වුණේ ගොවිතැන දියුණුවෙයි කියලා. නමුත් අවාසනාවකට ඒක එහෙම වුණේ නෑ. ඒ අයට ආණ්ඩුව ආපු ගමන් කරපු දේවල්. දැන් කියනවා අපි දුන්නේ මහා ණය කන්දරාවක් කියලා. මම ගත්තා වගේ දෙගුණයක් මේ අය ණය අරන් තියෙනවා මේ වෙනකොට.

අපිට අපහස කරලා අපිව හිරගෙවල්වල දානකන්, අවීචි මහා නරකාදියට දානකන්, අස්වෙන්නෙ නෑ කියන අයට ලබන අවුරුද්දේ ජනාධිපතිවරණය පවත්වනවා කියන එක අමතක වෙලා පරෙස්සමින් බණින්න ජනාධිපතිතුමනි. දැන් ඔබ මහා වගකීමක් සහිත තනතුරක් දරන්නේ. ඒ නිසා තරහ ගන්නෙ නැතිව වගකීමකින් කටයුතු කරන්න”


අප වෙබ් අඩවියේ පලවන මෙම ප්‍රවෘත්තිය සදහා ප්‍රතිචාර දැක්වීමේ අයිතිය ඔබ සතුය. ඔබේ ප්‍රතිචාරය lankaanews@gmail.com ඊ මේල් ලිපිනය වෙත යොමුකරන්න.