කියුබා තානාපති නිලධාරීන් අමෙරිකාවෙන් පන්නයි

අමෙරිකාවේ රැදී සිටින කියුබානු තානාපති අංශ නිලධාරීන් 15 දෙනකු එරටින් වහාම පිටුවහල් කිරීමට නියම කර තිඛෙනවා.
ඒ කියුබාවේ හවානා අගනුවර රැදී සිටි අමෙරිකානු තානාපති අංශ නිලධාරීන් ආසාමාන්‍ය මානසික ප්‍රහාරයකට ගොදුරුවීමෙන් පසුවයි.
හවානා හී අමෙරිකානු තානාපති අංශ නිලධාරීන් සියලු දෙනා එක්වර අසාමාන්‍ය පරිදි රෝගීවී තිබූ අතර පසුව අනාවරණවී තිබුණේ ඔවුන් ඉලක්ක කර ගනිමින් මනස හා සිතුවිලි පාලනය කල හැකි ආකාරයේ අබිරහස් ප්‍රහාරයක් එල්ලවී ඇති බවයි.
තම තානාපති අංශ ආරක්ෂා කිරීමට කියුබාව අසමත්වීම මේ තුලින් හෙළිවන බවයි අමෙරිකාව පවසන්නේ.
ඒ අනුව සිය තානාපති නිලධාරීන් වහා යළි කැදවීමටත් කියුබානු තානාපති නිලධාරීන් දින 7ක් තුල පිටුවහල් කිරීමටත් අමෙරිකාව තීරණය කර තිබුණා.