කිරිවෙහෙර වෙඩි තැබීමට අනුබල දුන් කතක් ඇතුලු 2ක් කොටුවෙයි

කතරගම කිරිවෙහෙර රජමහා විහාරාධිපති කොබවක ධම්මින්ද හිමියන්ට හා තමන් හිමිනමකට වෙඩි තැබීමේ සිද්ධියට අදාළව තවත් සැකකරුවන් දෙදනකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලිස් මාධ්‍ය ඒකකය සදහන් කළේ මේ අතරට කාන්තාවකද වන බවයි.
මෙම වෙඩි තැබීම සදහා ආධාර අනුබල ලබාදීමේ හා කුමන්ත්‍රණය කිරීමේ චෝදනාව සැකකරුවන්ට එරෙහිව එල්ලවී තිබෙනවා.
ඔවුන් අධිකරණය වෙත ඉදිරිපත් කිරිමට නියමිතයි.
පසුගියදා වෙඩි ප්‍රහාරයකට ලක්වූ කිරිවෙහෙර රජමහා විහාරාධිපති හිමියන්ගේ තත්ත්වය මේ වන විට සුව අතට හැරී ඇති බවද වාර්තාවනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *