කිරි වෙහෙර වෙඩි තැබීමට මුල රන් මාලයක් බව හෙළිවෙයි

කතරගම කිරිවෙහෙර විහාරාධිපති කොබවක ධම්මින්ද හිමියන්ට වෙඩි තැබීමේ සිද්ධියට මුල්ව ඇත්තේ පවුම් 5ක රන් මාලයක් බව අනාවරණවී තිබෙනවා.
බාරයක් ඔප්පු කිරීම සදහා පුද්ගලයකු විසින් මෙම රන් මාලය මහසෙන් දේවාලයට පූජා කර තිබූ අතර එහි හිටපු කපු තනතුර දැරූ අසේල බණ්ඩාර නැමැත්තා ව්‍යාජ රන් මාලයක් එම මාලය වෙනුවට ලබාදී ඇති බවයි පසුව අනාවරණවී තිබුණේ.
ඒ අනුව අදාළ තැනැත්තා කපු තනතුරෙන් ඉවත් කිරීමට කොබවක ධම්මින්ද හිමියන් පියවර ගෙන තිබූ අතර ඔහු ඊට එරෙහිව අධිකරණයට ගියද යළි එම තනතුර හිමිව තිබුණේ නැහැ.
ඒ අනුව පසුගිය සතියේදී අදාළ නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත් කිරීමෙන් පසු පළිගැනීමේ අරමුණින් මෙම වෙඩි තැබීම සිදුකර ඇති බව සදහන්.
සැකකරු මේ වන විට සැගව සිටින අතර ඔහු සොයා පොලිස් පරීක්ෂණ ක්‍රියාත්මකයි.


අප වෙබ් අඩවියේ පලවන මෙම ප්‍රවෘත්තිය සදහා ප්‍රතිචාර දැක්වීමේ අයිතිය ඔබ සතුය. ඔබේ ප්‍රතිචාරය lankaanews@gmail.com ඊ මේල් ලිපිනය වෙත යොමුකරන්න.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *