කිළිනොච්චියේ දී මැරූ කොටියා ගැන රහස් රැසක් හෙළිවේ

කිලිනොච්චිය අම්බාලකුලම්හීදී ගම්වාසීන් විසින් පහරදී මරා දැමූ කොටියා සම්බන්ධයෙන් තවත් තොරතුරු රැසක්ම අනාවරණවී තිබෙනවා.
ඒ මෙම සත්ත්වයා වනාන්තරයක නොව මිනිස් වාසයක රදවා සිටි සත්ත්වයකු බවට සැක මතුවීම හේතුවෙන්.
ඝාතනයට ලක්වූ කොටියාගේ සිරුර පරීක්ෂාවේදී හෙළිව ඇත්තේ කොටියා දින 3කින් කිසිදු ආහාරයක් ගෙන නොමැති බවයි.
සාමාන්‍යයෙන් කොටියන් එවන් දීර්ඝ කාලයක් ආහාර ගෙන නොසිටින අතර කිසියම් දඩයමක් කර කුස පුරවා ගැනීමටයි කොටියන් පෙළඹෙනු ලබන්නේ.
කිලිනොච්චියේ අම්බාලකුලම් සිට කිලෝමීටර 25ක් දුරින් මෙම කොටි වාසය කරන අතර කොට්යකු එවන් දුරක් පසුකර එන්නේ නම් ගම්මාන 7ක් පසු කර පැමිණිය යුතු බවයි ප්‍රකාශ වන්නේ.
එවන් දුරක් කොටියා පැමිණියේ නම් දින 3කින් කිසිදු ගොදුරක් ලබා ගෙන නොමැතිවීම විය නොහැක්කක් ලෙසද පරීක්ෂණ කණ්ඩායම් පෙන්වා දෙනවා.
මේ අතර පසුගිය ජුනි 19 වනදා අම්බාලකුලම් ගම්මානය ආසන්න හමුදා කදවුරක අණ දෙන නිලධාරියකු විසින් ඇති දැඩි කළ සුනඛයකු කූඩුවෙන් පලා ගොස් ඇති බව දන්වා එම ප්‍රදේශයේ හමුදාව විසින් හදිසි සෝදිසි මෙහෙයුමක්ද සිදුකර තිබුණේ එම සුනඛයා සෙවීමටයි.එහෙත් ජුනි 21 වනදා එම ප්‍රදේශයේදී ඝාතනයට ලක්ව තිබුණේ සුනඛයකු නොව ගම්මානයට ආගන්තුක කොටියකු වුණා. මෙම සියළු සිදුවීම් මුල් කර ගනිමින් මීට අදාළ වැඩිදුර විමර්ෂණ ක්‍රියාත්මකයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *