You are here
Home > ආසන්න-පුවත් > කීත් නොයාර් බේරූ හැටි කරු ජයසූරිය හෙළිකරයි

කීත් නොයාර් බේරූ හැටි කරු ජයසූරිය හෙළිකරයි

පසුගිය රජය සමයේදී පැහැරගනු ලැබු මාධ්‍යවේදී කීත් නොයාර් මහතාගේ ජීවිතය බේරා ගැනීමට හැකිවූයේ තමන් හේතුවෙන් බව කථානායක කරු ජයසූරිය මහතා පවසනවා.
කථානායකවරයා මේ බව සදහන් කර ඇත්තේ මාධ්‍යවේදී කීත් නොයාර් මහතා පැහැර ගැනීමේ සිද්ධිය පිළිබද ප්‍රකාශයක් ලබාදිය හැකිදැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිදුකළ විමසීමෙන් පසුවයි.
මේ පිළිබද අදහස් දක්වමින් කථානායකවරයා පවසන්නේ නොයාර් මහතා පැහැරගත් බව ආරංචි වූ අවස්ථාවේදී එවක ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට මුලින්ම දැනුම්දෙනු ලැබුවේ තමන් විසින් බවයි.
ඒ අනුව අදාළ පාර්ශව විසින් කීත් නොයාර් මහතා නිදහස් කළ බවද කරු ජයසූරිය මහතා ප්‍රකාශ කර තිබෙනවා.
මීට අදාළව කථානායකවරයාගේ ප්‍රකාශය අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ලබාදීමටයි නියමිතව ඇත්තේ.මෙම පැහැර ගැනීමේ සිද්ධියට අදාළව පසුගිය රජය සමයේ හමුදාවේ තනතුරු දැරූ හා මේ වන විට සේවයේ නිරතව සිටින කිහිප දෙනකුද අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටිනවා.

Top