You are here
Home > උණුසුම් පුවත් > කුඩු ජාවාරම්කරුවන් එල්ලනවාට යුරෝපා සංගමයෙන් බලපෑම්

කුඩු ජාවාරම්කරුවන් එල්ලනවාට යුරෝපා සංගමයෙන් බලපෑම්

මරණ දඩුවම ක්‍රියාත්මක කිරීමට ගෙන ඇති තීරණය අත්හිටුවන ලෙස ශ්‍රී ලංකාවෙන් ඉල්ලා සිටීමට යුරෝපා සංගමය තීරණය කර ඇති බව අනාවරණ වනවා.
ඒ අනුව යුරෝපා සංගමයේ සාමාජික රටවල මෙරට නියෝජිතයින් විසින් ඊට අදාළ යෝජනාව ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කිරීමට නියමිත බව සදහන්.
2016 වසරේදී එක්සත් ජාතීන්ගේ සංවිධානය හමුවේ මරණ දඩුවමට එරෙහිව ශ්‍රී ලංකාව ජන්දය භාවිතා කර ඇති අතර අනතුරුව පැවැති තවත් සමුලුවකදී මරණ දඩුවම අත්හිටුවිය යුතු බවට ලංකාව යළි එකගතාවය පල කර තිබුණා.
එවන් තත්ත්වයක් තුල මරණ දඩුවම යළි සක්‍රීය කිරීමට ශ්‍රී ලංකාවට හිමිකමක් නොලැපෙන බවද එම ආරංචි මාර්ග සදහන් කරනවා.
මෙය ශ්‍රී ලංකාවට පමණක් සීමාවූ තත්ත්වයක් නොව ලෝකයේම මරණ දඩුවමට එරෙහිව යුරෝපා සංගමය දරන මතය බවද අදාළ වාර්තා හෙළිකරනවා.

Top