කුලප්පූ වූ ඌව මහ ඇමතිට විරුද්ධව අද තවත් පැමිණිල්ලක්

ඌව පළාත් ප්‍රධාන අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතා විසින් තමන් වහන්සේට තර්ජනය කර බාධා කිරීම සම්බන්ධව අද ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවට පැමිණිලි කරන බව ඒකාබද්ධ රැකියා විරහිත උපාධිධාරි සංගමයේ කැඳවුම්කරු තැන්නේ ඥානානන්ද හිමියන් පවසනවා.

ඌව පළාතේ රැකියා විරහිත උපාධිධාරීන්ගේ ගැටලු සම්බන්ධව සාකච්ඡා කිරීම සඳහා මහඇමතිවරයා හමුවීමට ගිය අවස්ථාවේදී තමන් වහන්සේට බැණවැදී පහරදීමට උත්සහ කළ බවත්,මේ හේතුවෙන් මානව හිමිකම් කඩවී තිබෙන බවත් එම හිමියන් සදහන් කළා.

අද පෙරවරු 9 යි 30ට පැමිණිල්ල ඉදිරිපත් කිරීමට නියමිතයි.
පසුගියදා විදුහල්පතිනියකට බැණවැදී දණ ගැස්වීම සම්බන්ධයෙන්ද ඌව මහ ඇමතිවරයාට චෝදනා එල්ලවුණා.
ඊට අදාළවද මානව හිමිකම් කොමිසම හමුවේ පැමිණිල්ලක් විභාග කෙරෙනවා.

ඉහත සිද්ධීන් දෙකේදීම ඌව මහ ඇමතිවරයාට සහාය දක්වන ඔහුගෙන් ප්‍රතිලාභ ලබන ප්‍රදේශීය මාධ්‍යවේදීන් බව කියාගන්නා පිරිසක් පක්ෂග්‍රාහීව කටයුතු කර ඇති අතර එම පිරිස් සම්බන්ධයෙන්ද ඉදිරියේදී රට හමුවේ සාක්ෂි අනාවරණ කිරීමේ සූදානමක් පවතින බවයි අදාළ වාර්තා හෙලිකරන්නේ.


Lankaanews දවසේ වීඩියෝව 2018.05.20