කුවේට් රාජ්‍යයේ විදෙස් ශ්‍රමිකයින්ට නව නියමයක්

කුවේට් රාජ්‍යයේ මහ නගර සභා කලාපය තුල බැල්කනිවල රෙදි වේලීම සිදු කරන පුද්ගලයින්ට එරෙහි නීතිමය පියවර ගැනීමට නීති සම්පාදනය කර තිබෙනවා.

එම නියමය කඩ කරන ඕනෑම පුද්ගලයකුට එරෙහිව කුවේට් ඩිනාර් 100 සිට 300ක් දක්වා වු දඩ මුදලක් අයකරන බවයි කුවේට් මහනගර සභාව නිවේදනය කර ඇත්තේ.
මෙය එරට තුල සේවයේ නිරත විදේශිකයින්ගේ ක්‍රියාකාරකම් හේතුවෙන් ගනු ලබන පියවරක් ලෙසයි සදහන් කර ඇත්තේ.
එම නීති උල්ලංඝනය කරන පුද්ගලයින් නීතියේ රැහැනට කොටු කරගැනීම සඳහා විශේෂ කණ්ඩායමක් මේ වනවිටත් පත් කර ඇතැයිද නිවේදනයේ දැක්වෙනවා.


අප වෙබ් අඩවියේ පලවන මෙම ප්‍රවෘත්තිය සදහා ප්‍රතිචාර දැක්වීමේ අයිතිය ඔබ සතුය. ඔබේ ප්‍රතිචාරය lankaanews@gmail.com ඊ මේල් ලිපිනය වෙත යොමුකරන්න.