You are here
Home > ආසන්න-පුවත් > කෘෂිකර්ම අමාත්‍යාංශය පැරණි තැනටම ?

කෘෂිකර්ම අමාත්‍යාංශය පැරණි තැනටම ?

කෘෂිකර්ම අමාත්‍යාංශය පෙර පැවැති ගොඩනැගිලල වෙතම ගෙන යාමට කටයුතු කරන බව නව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා.
අමාත්‍යවරයා මේ බව සදහන් කළේ අද නව අමාත්‍යාංශයේ වැඩ භාර ගැනීමේ අවස්තාවට එක්වෙමින්.මේ වන විට කෘෂිකර්ම අමාත්‍යාංශය පිහිටි ගොඩනැගිල්ල පිළිබඳව මාධ්‍යවේදීන් සිදුකළ විමසීමේදී අමාත්‍යවරයා කියා සිටියේ තමන් පෞද්ගලිකව මෙවැනි සුඛෝපභෝගී සහ විශාල ගොඩනැඟිල්ලක අවශ්‍යතාවය නොදකින බවයි.
කෘෂිකර්ම අමාත්‍යාංශය මීට පෙර පිහිටා තිබූ ගොවිජන මන්දිර ගොඩනැඟිල්ල ඒ සඳහා සුදුසුම ස්ථානය බව තමන් පිළිගන්නා බවත් ඔහු කියා සිටියා.
කෙසේ වුවද මේ සම්බන්ධයෙන් පවතින කරුණු සලකා බලා ඒ පිළිබඳව අධ්‍යයනයක් කර නැවතත් ගොවිජන මන්දිරයට කෘෂිකර්ම අමාත්‍යාංශය ගෙනයාම කෙරෙහි තමන්ගේ උපරිම අවධානය යොමු කර ඇති බව ද අමාත්‍යවරයා සදහන් කළා. කෘෂිකර්ම අමාත්‍යාංශය නව ගොඩනැගිල්ලකට ගෙනයාම හේතුවෙන් රටට රුපියල් කෝටි ගණනක අලාභයක් සිදුවූ බවටයි චෝචනා එල්ල කෙරුණේ.

Top