කොකේන් කිලෝ 928 ක් විනාශ කිරීම ඇරඹෙයි

පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය අත්අඩංගුවට ගත් කොකේන් කිලෝග්‍රෑම් 928 ක් විනාශ කිරීම අද ආරම්භ කෙරුණා.කටුනායක ආයෝජන ප්‍රවර්ධන කලාපයේ පිහිටුවා ඇති පරිශ්‍රයකදීයි මෙම කටයුතු ආරම්භ කෙරුණේ.

එම අවස්ථාව නැරඹීමට ජනාධිපතිවරයා හා අග්‍රාමාත්‍යවරයාද එක්ව සිටියා.පොලීසිය පැවසුවේ, මෙම කොකේන් තොගය දියර බවට පත්කර අනතුරුව මුළුමනින්ම දහනය කිරීමට පියවර ගෙන ඇති බවයි.2016 වසරේ දෙසැම්බර් 9 වන දින පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය විසින් මෙම කොකේන් තොගය අත් අඩංගුවට ගනු ලැබුවේ කොළඹ වරායට පැමිණි නෞකාවක තිබියදී යි.මෙම නෞකාව ඉක්වදෝරයේ සිට බෙල්ජියම හරහා ඉන්දියාවේ මුන්ඩ්‍රා වරාය වෙත යාත්‍රා කිරීමට නියමිතව තිබුණා.පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයට ලද තොරතුරකට අනුව නෞකාවේ කොට තොගයක් බහලුමක් පරීක්ෂා කිරීමේදී මෙම කෝකේන් තොගය සොයා ගනු ලැබුවා.